වන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තවත් අලිමංකඩ 03ක් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවේ, ඒ අනුව හම්බන්තොට වන අලි කළමණාකරන රක්ෂිතයේ සිට බූන්දලට වන අලින් ගමන් ගන්නා මාර්ගය,වැඩහිරාකන්ද අලි කළමණාකරන රක්ෂිතයේ සිට උඩවලව ජාතික වනෝද්‍යානයට අලින් ගමන් ගන්නා මාර්ගය සහ හදපානාගල හරහා දෙමෝදර දක්වා අලින් ගමන්නා මාර්ග 03 අලි මංකඩ ලෙස ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවයි.

ඉදිරියේදි එම අලි කොරිඩෝ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.

මෙම අලි මංකඩවල පවතින නිවාස සහ වගා කරන කුඹුරු ඉඩම්ද ඉවත් කිරිමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version