මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 836කි.
ඉන් 812 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබේ.
මේ අතර, මැතිවරණ නිති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 21 කි.
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 35 ක් පොලිසියට ලැබී ඇති අතර, පැමිණිලි 14 ක් ප්රචණ්ඩ ක්‍රියා ය.
මේ අතර, මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ ජනාධිපතිවරණය ආශ්‍රිතව රාජ්‍ය දේපළ අවභාවිතය තවදුරටත් ඉහළ යමින් ඇති බවයි.
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැෆ්රල් සංවිධායනයට පැමිණිලි 228 ක් හා ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයට පැමිණිලි 150 ක් ලැබී තිබේ.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඡන්දය ලබාගැනීම සඳහා රජය ඡන්දදායකයින්ට අල්ලස් ලබා දෙමින් ඇති බවයි.