ස්වාධීන ජනාධිපති අපේක්ෂක අභාවප්‍රාප්ත මොහොමඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් ආදේශකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා මිය ගිය බවට මරණ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් ඉල්ලියාස් මහතා වෙනුවෙන් නාම යෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාට වෙනත් ආදේශකයෙකු නම් කිරීමට හැකියාව පවතින බවයි.
ඒ සඳහා දින තුනක කාලයක් ලබා දී තිබේ.
ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතාගේ ඡන්ද සලකුණ සහ නම මුද්‍රණය කර ඇති බැවින් එය වෙනස් නොවන බවයි.
මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට සිටි මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා පෙරේදා රාත්‍රියේ ආභාවප්‍රාප්ත විය.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන විය වයස අවරුදු 79කි.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 38 කි.