ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට සක්‍රීයව පවතින “මෝඛා” සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් තිබුනද එහි බලපෑම නිසා මෙරට ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවටත් 2023 වසරේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෝඛා සුළි කුණාටුව ලෙසින් හැඳින්විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
පැයට කිලෝමීටර 150 – 175 ත් අතර වේගයකින් ඉදිරියේදී සුලිකුණාටුව චණ්ඩ විය හැකි බැවින් විශේෂයෙන් මුහුදු ගමන් යාමෙන් ධීවරයින් වැලකී සිටිය යුතු අතරම එහිදී ගාල්ල , මාතර, හම්බන්තොට, හරහා පුත්තලම, මන්නාරම, යාපනය කන්කසන්තුරය දක්වා මෙන්ම මුලතිව් සිට ත්‍රීකුණාමලය දක්වාත් මුහුදු ගමන් යාමේදී දැඩි අවධානමක් පවතින හෙයින් ධීවරයින් ප්‍රවේශම් විය යුතු බවටද දැනුම් දී ඇත.
මේ අතර සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේද ප්‍රදේශ කිහිපයකට ගස්කඩා වැටීම් සහ නිවාස වලට සුලු හානි වාර් ථ වී ඇති අතරම ගස් කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා එල්ල විය.