TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවීය.
එහිදී හසලක තුෂාරට එරෙහිව නඩුව අවසන් වනතෙක් අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා විසින් පනවන ලදී.
පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන ලෙසට නියෝගයක් නිකුත් කරන ලදී.
YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීව ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
නතාෂා එදිරිසූරිය යන අයට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්රධාන ප්රවෘත්ති ප්රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබුණි.