ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා පැය 6ක් පමණ එහි සිටි බව වාර්තා වේ.
ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ ඊයේ (20) කැඳවා තිබුණි.
එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බවය.