මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව (Chinese People’s Liberation Army Navy Sail Training Warship) නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 08) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Sail Training Vessel වර්ගයට අයත් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, දිගින් මීටර් 86 ක්සහා නැව් මුළුව පුහුණු වන නිලධාරීන් 35 දෙනෙකු ඇතුළුව 130කගෙන් සමන්විත වේ.
මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Ma Wenyong සහබටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ඔක්තෝබර් 08) බටහිර නාවිකවිධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා එම නෞකාවේ නැව් මුළුව සහභාගී වීමටද නියමිතව ඇත.
එමෙන්ම, මෙම පුහුණු රුවල් නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාවතුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේමෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකාව තුළදී පැවැත්වීමටදනියමිතව ඇත.
තවද, මෙම නිල සංචාරය අවසන් කරමින් ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව 2024 ඔක්තෝබර් මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.