කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කර තිබේ.
ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.