තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අද (29) පෙරවරුවේ අනතුරට ලක් වූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට සඳහා ගුවන් හමුදා KA-350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ වනවිට පැයක පමණ කාලය සිට එම යානයෙන් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයමින් සිටින බවය.

අදාළ බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට එහි ධීවරයින් 6ක් දෙනෙක් සිටි අතර, ඉන් සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිවිය.

Share.
Leave A Reply

Exit mobile version