එක්දින ජාත්‍යන්තර තරඟ ලකුණු 5000 සීමාව අඩුම තරග සංඛ්‍යාවකින් ඉක්මවා ගිය ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් වූයේය. නවසීලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේදී ශතකයක් ලබා ගනිමින් බාබර් ලකුණු 5000 සීමාව ඉක්මවා ගිය අතර එම තරගය බාබර් ගේ 99 වෙනි එක් දින තරගය වූයේය.

මීට පෙර ලකුණු 5000 සීමාව වේගයෙන්ම ඉක්මවා ගිය පිතිකරු ලෙස දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා වාර්තා අතර සිටි අතර ඔහු ඒ සඳහා තරග 101 කට සහභාගි වී තිබුණේය. මේ වනවිට බාබර් තමා සහභාගි වූ තරග 99 තුළදී ලකුණු 5088 ක් වාර්තා කර තිබේ. ලොව අංක එකේ එක් දින පිතිකරු ලෙසද ශ්‍රේණිගතව සිටින බාබර් ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අගය 59.85 ක් වේ. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version