2023 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා. ඒ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයෙන් B-Love Kandy කණ්ඩායම කඩුලු 5 ක ජයක් ලබා ගැනීමත් සමඟයි.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40 ක්, සධීර සමරවික්රම ලකුණු 36 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 31 ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ B-Love Kandy කණ්ඩායම 20 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර ගියා. පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 44 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 24 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ලබා ගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.