Author: Buzzer Editorial
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර ව අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර නමැත්තා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය . ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (01) පැවති උත්සවයට එක් වෙමිනි . එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. අපි විශ්වාස කරනවා 2024 අවසන් වෙලා 2025 වසරට මේ පය තබන මොහොතේ ඒ කියන්නේ නව වසරක ආරම්භය අලුත් අවුරුද්දක උදාව. නමුත් දශක ගණනාවක් අප රටේ මෙවැනි වසරවල් උදා වූවාට අපි හොඳ දේ වෙනුවෙන් අලුත් වෙන්න සමත් වුණාද කියන ප්‍රශ්නය…
මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු ප්‍රසිද්ධිය උසුලන ඔහුගේ ගුණාංග වන වේගය සහ කඩිසර බව මෙම වෙළඳ සන්නාමය තුළ ද පවතින බව පිළිබිඹු කරමිනි. වයස අවුරුදු 22ක ලාබාල වයසක සිටිය ද මෙම දකුණත් වේග පන්දු ක්‍රීඩකයා දැනටමත් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ජනප්‍රිය නාමයක් වී ඇත. බැංකුව පැවසුවේ ශ්‍රී ලංකාවේ වඩාත් ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුවේ වටිනාකම් සමඟ මනාව ගැලපෙන…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද…
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනාගෙන ඇති බවය. ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් පැවති දේශපාලන පරිවර්ථනය සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක්…
05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය. “අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගේ අතට ලැබුණා. පිටු 68ක තීන්දුවක්. වඩාත් සුදුසුම තීරණය ගෙන ක්‍රියාත්මක වෙන්න කියලා අධිකරණය නියෝග කළා. මේක දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. විකල්ප 3 අතරින් වඩාත් සුදුසුම විකල්පය මොකක්ද කියලා මට එකපාරටම කියන්න පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ.” “සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාදෙන්න දින 40ක වගේ කාලයක් ගත වෙනවා. ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා.” පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වුණු 05 වසර ශිෂ්‍යත්ව…
අද (31) දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවය. එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ටොන් 780ක් ද මෙම තොගය තුළ අඩංගු බවද ඔහු පැවසීය.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී, ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස පත් කළේය. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) භාර දුන්නේය. ඒ අනුව ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී යුද්ධ හමුදාධිපති ලෙස, යුද්ධ හමුදා මූලස්ථානයේ දී අද ( 31 ) දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක – 31 යටතේ, යුද්ධ හමුදා…
වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් කාංචන බානගොඩ වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද ( 2024 දෙසැම්බර් 31) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2024 දෙසැම්බර් 31) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ…