Author: Buzzer Editorial
පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන්ට අද වනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත් පණුවන් විශේෂයකින් හානි වීම හේතුවෙනි. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, අනුරාධපුරය, ඔයාමඩුව, විලච්චිය වැනි ප්‍රදේශවල කඹුරුවලට මෙම පණු උවදුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. ගොවීන් පෙන්වා දෙන්නේ, විවිධ කෘමිනාශක භාවිත කළද පණු උවදුර මර්දනය කළ නොහැකි බවය. එමෙන්ම ගොවීන් පවසන්නේ පණු උවදුර හේතුවෙන් සිය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ යාමේ අවදානමක් ඇති බවය. මෙම පණු උවදුර මැඩපැවැත්වීමට වගකිවයුතු අංශ කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත් එය සෙසු ප්‍රදේශවලටද ව්‍යාප්ත විය හැකියාවක් පවතී.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරදගරු හිමිපාණන් අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ පැවති අතර ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළේය. “පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කරගැනීම තමා හුඟාක් වැදගත් වෙන්නේ. කවුද මේක කළේ, කුමන කාරණාවකට මේක කළේ, කාගේ සහයෙන් ද මේක කළේ, කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ලංකාව තුළ පසුගිය කාලයේ දී මේවාගේ දේවල්…
2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “කර්මාන්තවලට, කෘෂිකර්මාන්තවලට ඉඩම් නිකුත් කරනවා LRC එක හරහා. නමුත් පහුගිය කාලයේ ඉඩම් බෙදා දුන්න ඒවා සහ ඉඩම් පවරපු ඒවා සම්බන්ධයෙන් විශාල ගැටලු තොගයක් තිබුණා. පහුගිය දවසක කැබිනට් එකෙන් තීරණයක් ගත්තා 2015 ඉඳලා මේ…
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත් විෂයක්. ඒ සඳහා අපේ රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් සිදු කිරීම තමයි අපේ ආණ්ඩුවේ මූලික අරමුණ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධානම තැන තමයි අධ්‍යාපනය. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග ජනවාරි 02 වන දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය, “මෙවැනි පරිවර්තනයක් සිද්ධ වෙද්දී අනිවාර්යයෙන්ම අපි එකඟතාවයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. නැත්නම් මෙතන අර්බූදයක් වෙන්න ඉඩ තියෙනවා. අධ්‍යාපනය කියන්නේ හරි…
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි. කොවිඩ් -19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් -19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙනවා දෙයි. එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ. වෛරස තත්ත්වය චීනය…
මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් ඊයේ (2) සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත. නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු වේ. එහි දැක්වෙන්නේ විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීති විරෝධී සවිකිරීම, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු, අලාභ ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහන සම්බන්ධයෙන් වැඩි…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (3) නියෝග කළේය. අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. එම කොමිසම සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි. එම නියෝගය අදින් අවසන් වීමට නියමිතව තිබූ අතර, අල්ලස් කොමිසම විසින් එය තවදුරටත්…
2024 වසරේදී බදුල්ලේ පුද්ගලයින් 6,700ක් පමණ සුනඛ සපාකෑම්වලට ලක්ව බදුල්ල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් වාර්තා අනාවරණ කරයි. රෝහල් බලධාරීන් පෙන්වා දෙන්නේ, සපාකෑම්වලට ලක්වූවන් අතර විදෙස් සංචාරකයින්ද වන බවයි. වැඩි වශයෙන් සුනඛ සපාකෑම්වලට ලක්ව ඇත්තේ කුඩා දරුවන්ය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, “බොහෝ වෙලාවට එන්නේ එන්නත්කරණයට ලක්නොකර ගෙදර ඉන්න බල්ලො සහ පූසෝ සපාකෑමෙන් තමා මේ තත්ත්වය වැඩිවෙලා තියෙන්නේ. සමස්තයක් විදියට ඌව පළාතේ 25,000ක් 30,000ක් විතර ප්‍රමාණයක් වාර්තා වෙනවා එන්නත් ලබාගන්න එන රෝගීන් ප්‍රමාණය.” ඊට අමතරව ඇල්ල ප්‍රදේශයේ රිලා සපාකෑම්වලට සහ සුනඛ සපැකෑම්වලට ලක්වූ විදෙස් සංචාරකයින්ද බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයි…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ. ඒ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය. කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අතර, ඒ සඳහා ඔහු අද උදෑසන 10ට පමණ පැමිණියේය.