Author: Buzzer Editorial
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 50-60 දක්වා වැඩිවිය හැකි බවය. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් එහි සඳහන් වේ. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් දන්වා තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි. පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයින් පත් කිරීමේ දී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බව ඔහු පැවසීය. කෝප් කමිටු සභාපති ධුරය සඳහා ඒකමතිකව පත්කිරීමක් සිදුකර ඇති බවට ප්‍රකාශ වුවද, එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කර ඇති බව හෙතෙම පැවසීය. පවතින තත්ත්වය තුළ සෙසු පාර්ලිමේන්තු කමිටු සඳහා ද සහභාගී නොවීම විපක්ෂයේ අදහස වී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිණි අවි ජනවාරි මස 20 වන දින වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බවය. එලෙස ලබා නොදෙන ගිනිඅවි ලග තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී තිබූ කාලය දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් විය. එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී පොලිසිය සහ යුධ හමුදාව මගින්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය දෙරටටම ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක් එරට පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා දීනයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය. මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය වන අතර චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වනු ඇති බව ඇය සඳහන් කළාය. මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ…
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පියවර ගෙන තිබේ. කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැයකරන බවට ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ තත්ත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුවට දන්වා එවා තිබුණි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය කළ…
ලොව සුප්‍රකට වෝග් සගරාවට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබේ. දකුණු වෙරළ තීරයේ පවතින ස්වබාදහමේ අලංකාරය, විවිධ සංස්කෘතික අංග හා සුඛෝපභෝගී නවාතැන් පහසුකම් යන අංශ පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත සෘතුවේ හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස ලොව සුප්‍රකට වෝග් සඟරාව නම් කර ඇත. එම සඟරාව පෙන්වා දෙන්නේ, ඉතාම අලංකාර වෙරළ තීරයන්, වනජීවි සම්පත සහ තේ වතු යන සංචාරක ආකර්ශනය දිනූ කේන්ද්‍රස්ථාන හේතුවෙන් මෙම ප්‍රදේශයට ලොව පුරා සංචාරකයින් පැමිණෙන බවයි. මෙරට දකුණු වෙරළ තීරයට පැමිණෙන සංචාරකයින්ට සර්ෆින් හෙවත් දිය රළ මත ලිස්සා යෑමට, තල්මසුන් නැරඹීමට…
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුර ඔවුන්ට මෙම භූ කම්පනයට මුහුණදීමට සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූ කම්පනය ඇතිව ඇති බවයි. අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූ කම්පනය ඇතිව ඇත. එය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී තිබේ. භූ කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ…
වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුවී ඇති ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, වැව් බැම්ම කැඩී යෑමට ඇති අවදානම ද තවදුරටත් පවතින බවය. ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ ජල කාන්දුව ඇති බව ඊයේ පෙරවරුවේ හඳුනාගෙන තිබුණි. ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක පමණ ගැඹුරින් යුතු අතර මේ හේතුවෙන් එම ස්ථානයේ ජල පීඩනයද ඉහළ මට්ටමක පවතී. පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යුද හමුදාව, පොලීසිය හා ගම්වාසීන්ගේද සහාය ඇතිව ජල කාන්දුව වසාදැමීමට දැඩි උත්සාහයක නිරත වුණි. ඒ අනුව ඊයේ පස්වරුව වන විට වැලි කොට්ට යොදමින් පස් බැම්මේ ජලය කාන්දුවෙන ස්ථානය වසා…
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (10) සිදුකළ වැටලීමකින් කූට ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 48ක් වන මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19ක් සන්තකයේ තිබී ඇත. ඔහු විසින් රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි පොත් සකස් කර දීම සම්බන්ධයෙන් ද තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ. එම අනාවරණය කරගත් තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ වේරහැර මෝටර් රථ රියදුරු බලපත්‍ර කාර්යාලය අසල රියදුරු පාසලක් පවත්වා ගෙන යන අයෙකු හා…
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව ‘ශුන්‍ය’ බවත් වාර්තා වේ. ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර, මේ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇත. මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ළැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වේ. කෙසේ නමුත් ඉන් ළැව් ගිනි තුනක් සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති අතර, මේ හේතුවෙන් 137,000කට වැඩි පිරිසක් ඉවත්…