Author: Buzzer Editorial

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවය “අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප්…

Read More

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව ගියේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

Read More

දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල් 2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ. මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතිනු ඇති බව වෙළෙඳුන් පවසයි. හින්දු ජනතාව ව්‍යංජන පිළියෙල කිරිමේදී සියඹලා බහුල වශයෙන් භාවිතා කරනු ලබයි. විශේෂයෙන් හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හෝදදට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්ය.

Read More

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ඖෂධ ආනයනයන කිරීම සම්බන්ධයෙන් ද එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර ප්‍රදේශයේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය. “සෞඛ්‍යවල තත්ත්වය පරීක්ෂා කරන විවිධ අවදිවලදී, මේ පරීක්ෂණ කරන්න ඕනේ. නමුත් අපේ දිගටම කරලා තියෙන්නේ යම් පැමිණිල්ලක් තියෙනවා නම් විතරයි. එය ප්‍රමාණවත් වන්නේ නෑ. දැන් රජයේ අවධානය යොමු කරලා තියෙනවා පරීක්ෂාගාර එකක් දෙකක් ලංකාවේ ස්ථාපිත කරගැනීමට. ශ්‍රී…

Read More

ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතා බහට ලක්විය. වොෂිංටන් ජාතික දෙව්මැදුරේ පසුගිය 10 වැනිද පැවැති රාජ්‍ය අවමංගල උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් ජිමී කාටර් පිළිබඳව ගුණ කථනයක්ද සිදු කළේය. ජෝ බයිඩන් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් සහ ඔවුන්ගේ භාර්යාවන් සමඟ එකට අසුන් ගෙන සිටියේය. රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් නිදා වැටුණු බවත් ඔහුගේ භාර්යාව වන ජිල් බයිඩන් ජනාධිපතිවරයා අවදියෙන් තබා ගැනීම සඳහා විශාල උත්සාහයක් ගත් බවත්…

Read More

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය. “වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට අමතරව සු‍ඛෝපභෝගී බද්ද පවතිනවා, මේ තුනම එකතු කරලා CIF වටිනාකමත් එකතුකරලා ඒකට උඩින් 18%ක වැට් එකතු වෙනවා. බදු වර්ග 04කින් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණ වෙන්නේ.” ප්‍රශ්නය – පවතින මිලට වඩා ප්‍රතිශතයක් ලෙස කොපමණ මිල වැඩිවෙයිද? බදු ප්‍රමාණය 400%ත්, 500%ත් දක්වා වඩිවිය හැකියි. සමහර වාහන…

Read More

සියේ ඇතන්ස් හිදී අත්පොත් තැබූ ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්ත වෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. පසුගිය, 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වුණේ පැරිස් නුවරදීයි. නමුත් මෙම පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිනැමුණු පදක්කම්වල පැවැත්ම ගැන මේ වනවිට සමාජ කතිකාවතක් මතුවෙලා තියෙනවා විශේෂයෙන්ම මේ පදක්කම් අවපැහැ වීම, කැළැල් ඇතිවීම , දිරාපත් වීමට පටන් ගැනීම යනාදී ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රංශයේ සුඛෝපභෝගී ස්වර්ණාභරණ සාදන්නෙක් වන Chaumet විසින් මේ පදක්කම් නිර්මාණය කර තිබෙනවා මේ අතර, අයිෆල් කුළු‌ණෙන් ලබා ගත් යකඩ කැබැල්ලක් ද මේ පදක්කම්වලට ඇතුළත් කර තිබෙනවා. ඒ සත්කාරක පැරිස් නගරයට කරන ආචාරයක් වශයෙන්. ක්‍රීඩා උළෙලේ මීටර් 4×100 මිශ්‍ර සහය…

Read More

අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බවයි. පැවති ආර්ථික අර්බුදය හා නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාරදීම හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර වී තිබිණි. ඒ අතරට නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් සහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක්. එම ව්‍යාපෘති යටතේ නිවාස 4,000 ක් පමණ ඉදිකිරීමට යෝජිතයි. ගැටලු පවතින කොන්ත්‍රාත්කරුවන් වෙනුවට, නව කොන්ත්‍රාත්කරුවන් යොදා ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කරන බව, ලේකම්වරයා ප්‍රකාශ කළේ…

Read More

රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම අදහස් පළකළේය. “බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවෙලා තිබෙනවා. රෝගීන්ගේ මුඛ පිරිසිදු කිරීමට භාවිතකරන විෂබීජනාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලදී ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවලා. පසුගිය දෙසැම්බර් 12 වනදා මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් තීරණයක් ලබාදීලා. මිල අඩුම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා. මේ ටෙන්ඩරය ප්‍රධානය…

Read More

මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඔවුන් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කිරීම එහි අරමුණ බවය. නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසුවේ හිගයකින් තොරව සහල් සැපයීමේ අරමුණින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය. වී සහ සහල් සදහා සහතික මිලක් එකවර තීරණ කර ගැසට් කිරීමට රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More