Author: Buzzer Editorial

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර සිටී. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 02 දින දක්වාත්, දෙවන තරගය පෙබරවාරි 06 සිට පෙබරවාරි 10 දින දක්වාත් පැවැත්වීමට නියමිතය. මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මේ අතර තරග දෙකකින් යුතු එක්දින තරගාවලියේ තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි. එම තරග දෙක දිවා තරග ලෙසින් 2025 පෙබරවාරි 12 සහ පෙබරවාරි 14 යන…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 7වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටින මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි. නවසීලන්තයට එරෙහිව ඉකුත්දා අවසන් වූ තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවාගනිමින් මහීෂ් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවන ස්ථානයේ ඉන්දියාවේ කුල්දීප් යාදව් රැඳී සිටියි.

Read More

ගල්ඔයේ ඉවුරු බිඳීයාමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ අම්පාර, සේනානායකපුර, සාමපුර සහ සුදුවැල්ල යන ගම්මානවල පවුල් 44ක පුද්ගලයින් 135 දෙනෙකු තවදුරටත් එහි රඳවා තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මේ වනවිට අම්පාර සේනානායක සමුද්‍රය වාන් මට්ටමට ආසන්න වෙමින් පවතින අතර, එසේ වුවහොත් එහි ජලය මුදාහැරෙන්නේ ගල්ඔයටයි. අක්කර අඩි 770,000ක ධාරිතාවයකින් යුතු සේනානායක සමුද්‍රයේ උපරිම ජල ධාරිතාව අඩි 110 මට්ටමට පැමිණියහොත් එය වාන්දැමීම ආරම්භ වේ. අද (15) උදෑසන වනවිට එහි ජලය අඩි 103ක උසකින් පැවති අතර, තවදුරටත් පවතින වැසි හමුවේ සේනානානයක සමුද්‍රයේ වාන්දොරටු දෙක සුළු වශයෙන් විවෘත කිරීමටයි පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, තවදුරටත් පවතින වැසි හමුවේ සේනානානයක සමුද්‍රයේ…

Read More

චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය. අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන අය දමෙම අවස්ථාවන්ට එක් වූහ.

Read More

උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. උතුරේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග තමිල්නාඩුවේදී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් එස්. ශ්‍රීධරන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා එම අවස්ථාවේදී පවසා ඇත්තේ, ධීවර ගැටලුව සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි. ඒ අනුව, උතුරේ ධීවර සංගම් නියෝජතයින් 07 දෙනෙකු අදාළ සාකච්ඡාව සඳහා එක්වනු ඇත.

Read More

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබීය.

Read More

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බව වාර්තා වෙයි. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 374ක් වේ. කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන් රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය. මේ අතර පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 49,887ක් සහ ඩෙංගු මරණ 24ක් වාර්තා වී ඇත.

Read More

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම කර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළේය. කෙසේවෙතත් පාර්ලිමේන්තු ලේඛන කාර්යාලය සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලද ලිපියකට අනුව හර්ෂණ නානායක්කාර මහතාගේ නම…

Read More

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහයද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීම පියවර ගෙන තිබුණි. දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිමට…

Read More

සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද බිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 02ක් පමණ කොටස ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මෙලෙස යටවී ඇත. ඊයේ (13) සිට පවතින අධික වාර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිව ඇති අතර ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි පොලීසිය පැවසීය. සෝමාවතිය වන්දනා කිරීම සඳහා පැමිණ සිටි පිරිස් ඔවුන් පැමිණි බස් රථවලින් වැලිකන්ද දෙසින් පිටත් කර හැරීමට පොලීසිය පියවර ගෙන ඇත. සිදුවීම් වළක්වා ගැනීම සඳහා පොලිස් ජිවිත ආරක්ෂක රාජකාරි නිලධාරීන්…

Read More