Author: Buzzer Editorial

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. විදුලි ගාස්තු සංශෝධනයට අදාළව පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරුණු අතර එය පසුගිය 10 වන දිනෙන් අවසන් වුණි. එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය. විදුලි ගාස්තුව 20ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනා සලකා බැලීමේ දී අනාවරණය වී තිබේ. ඒ අනුව එම සියලු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය…

Read More

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹ තිබේ. ඒ, ගාසා තීරයේ මාස 15ක් පුරා පැවති යුද්ධය අවසන් කරමිනි. එළඹෙන 19 වන ඉරිදා සිට සටන් විරාමයට අදාළ කටයුතු ආරම්භ වීමට නියමිතයි. එහි ප්‍රධාන එකඟතාව වන්නේ, අදියර වශයෙන් දෙරටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමයි. 2023 ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භය විය. ඊශ්‍රායල වැසියන් 1,200ක් පමණ ප්‍රහාරවලින් මියගිය අතර 250කට අධික ඊශ්‍රායල වැසියන් පිරිසක් හමාස් සටන්කාමීන් රැගෙන ගොස් තිබුණේ ප්‍රාණ ඇපකරුවන් ලෙසයි. ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාර දිගින් දිගටම එල්ල කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15…

Read More

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව තිබේ. සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Read More

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්න මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන බවය. අදාළ නිවේදනය පහතින්, 2025 ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය 2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය 2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය 2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය 2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය 2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය – සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන්…

Read More

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ. සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ. සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

Read More

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වනබව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ, ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක් වූ අවස්ථාවේදීය. ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදයට කඩිනම් විසඳුම් සැපයීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා අදාළ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කළේය. එහිදී දින 7ම පැය 24ම රාජකාරී කිරීමට රේගු නිලධාරීන් ජනපතිවරයට එකඟ වූහ. බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ එම සාකච්ඡාවෙන් පසු නිෂ්කාශන ක්‍රියාවලිය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි. කෙසේ වෙතත් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල තවදුරටත්…

Read More

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එය හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වේ. ඒ අනුව එම මුහුණු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 – 60ත් අතර වේ. මේ අතර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක…

Read More

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවිය. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබීය. මෙහිදී ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ඇතුළත් ප්‍රදර්ශන ශාලාව නැරඹීමට එක්විය. ඊට අමතරව චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුකාගාරය නැරඹීමටද ගොස් ඇත. මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස එක්වූහ. චීන මහජන ශාලාව වෙත අද පස්වරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීන හමුදාවේ උත්තමාචාර මැද මහත් හරසරින් පිළිගනු ලැබීය. ජනාධිපතිවරයා හා හා චීන ජනපති ෂී ජින් පින් මහතා…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරාමුනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 14 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ අනුමත ප්‍රමාණයට වඩා කුඩා හක් බෙල්ලන් ගණනින් දෙදහස් එකසිය තිස් හතක (2137) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, 2025 ජනවාරි මස 14 වැනි දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය කල්පිටිය පරාමුනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ විය.

Read More