Author: Buzzer Editorial

ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ. මාස 15ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය මීට පෙර සූදානම් වුවත්, අවසන් මොහොතේ ඇති වූ ගැටළු කිහිපයක් එය ක්‍රියාත්මක වීම මේ දක්වා අවිනිෂ්චිත වී ඇත. මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්වීමට නියමිත අතර, එහිදී තම රජය දිගු කලක් බලා සිටි ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. අමෙරිකානු බලධාරීන් ද එළැඹෙන ඉරිදා බලාත්මක කිරීමට අපේක්ෂා කරන සටන්විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ සටන් නතරවනු…

Read More

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොළ මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය. “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්න.” මේ අතර පසුගියදා සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබි අඩවිය සම්බන්ධයෙන් ද චරුක දමුනුපොළ මහතා මෙලෙස අදහස් පළ කළේය.…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරුට ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇත.

Read More

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය. ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං මහතා අතර නිල හමුවක් අද (16) පැවැත්වුණි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරය අතරතුරදීය. චීන මහජන ශාලාවේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදුකරන සිව් දින රාජ්‍ය සංචාරයේ තෙවැනි දිනය අදයි. චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කරයි.

Read More

මත්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබේ. ඒ අනුව එම නිවේදනය හෙට (17) දහවල් 1 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දැනුම් දෙයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. පොලීසිය සඳහන් කළේ පොඩි ලැසීට ඇප නියම කෙරුණ ද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවය. අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි…

Read More

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ “ආයෝජන සැසියේ” ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනයට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබිණි. චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සීමාසහිත සමාගම ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සීමාසහිත සමාගම (China Communications…

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ඛලීඩ් නසර් අල්අමේරි (Khaled Nasser AlAmeri) මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩ සහාය ලබා දෙන බව තානාපතිවරයා මෙහිදී පැවසීය. නව දේශපාලන ප්‍රවාහය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා යහපත් අවස්ථාවක් උදා වී තිබෙන බව පෙන්වා දුන් ඛලීඩ් නසර් අල්අමේරි මහතා පසුගිය කාලය තුළ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ දක්නට නොතිබු බවද සඳහන් කළේය. දැනට…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු කෙරුණි. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට…

Read More