- මගීන් 240ක් සමග ඉන්දීය ගුවන් යානයක් අනතුරක
- පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
- හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන්නැයි නියෝගයක්
- හිටපු ඇමති මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
- පොලීසියේ ලොකු පුටු මාරුවක්
- ට්‍රම්ප්ගේ පය පැටලෙයි
- නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
- හෙට සිට කාලගුණයේ වෙනසක්
Author: Buzzer Editorial
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින් 20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර ඇති බව වාර්තා වේ. පස්කදු සහ ගල්කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහනුවර, තැන්නෙකුඹුර හන්දියෙන් සහ හසලක, පාලම හන්දියෙන් වසා තැබීමට පියවර ගනු ලැබීය. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ…
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු මේ වනවිටත් වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී පැවැත් වෙයි. අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත කාලගුණය සලකා මෙවර එය ගෘහස්ථ ස්ථානයක පැවැත්වීම විශේෂත්වයකි. ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් ද ආරාධනා ලැබ සිටී. දිවුරුම් දීමේ උත්සවයේදී පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වැනි…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවය. ඊයේ (20) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විජිත හේරත් අමාත්‍යවරයා අදහස් පළ කළේය. “පර්මිට් දෙන්නේ නෑ. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක පැහැදිලියි.” ප්‍රශ්නය – පර්මිට් එක කාලයකට කලින්ම නතර වුණානේ ? “ඒ ඇවිල්ලා පර්මිට් එක දෙනවා. වාහනය ගේන්න දෙන්නේ නෑ නේ.…
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ මඟීන් 49ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත. අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි…
ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර, කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩා පිටියේ පැවති සුහද හමුවකට අද පස්වරුවේ එක්විය. “අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 21යි. රාජ්‍ය ඇමතිවරු කියලා කෑලි නැහැ. ඉස්සර අමාත්‍යධුර ඇඟේ හැප්පෙනවා මේ කළුතර. අපිට කළුතර මන්ත්‍රීවරු 8යි, ඇමතිධුර 1යි. රටක් හදන්න ඕනකම තියෙන්නේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා නෙවෙයි. ඉස්සර හැදුවේ එහෙම නෙවෙයි, සතුටු කරන්න. අන්න එහෙම ආණ්ඩුවක් හදන්නේ අපි විතරයි වෙන කවුරුත් හදන්නෙත් නෑ.” “වෙනදා අමාත්‍ය…
ගාසා සටන් විරාමය ගැන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමට, අභ්‍යන්තරව අවතැන් වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවය. එමෙන්ම පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) දින රාත්‍රි 11.30 පමණ හටගත් ගින්නකින් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතිබව මස්කෙළිය පොලීසිය පවසයි. නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබූ ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්වි ඇත. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත්, විනාශ වූ නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වී තිබේ. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පරීක්ෂණ සිදුකරන මස්කෙළිය පොලීසිය සැක කරයි. ගින්නේ අවතැන් වූ පවුල් 8කට අයත් සමාජිකයන් 21 දෙනෙක්…
වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. අද දෙරණ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණි. ඒ අනුව අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය. මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය
හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක බිලිඳෙකු පෙරදින රාත්‍රියේ මියගොස් ඇති බවට ඊයේ (17) හබරණ පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් ලැබී ඇත. මිය ගිය බිලිඳා වයස මාස 10ක් වන බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. එම බිලිඳා සිය මව, පියා සහ සහෝදරයා සහ සහෝදරිය සමග ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇත. කෙසේ නමුත් පියා නිවසින් බැහැර ගොස් සිටියදී, එනම් 16 වනදින රාත්‍රී කාලයේදී නිවස පිටුපස ඇති වතුර වළකට දරුවා දමා නැවත ගොඩටගෙන නිවසේ ඇඳ මත තැබූ බවට මව විසින් ප්‍රකාශ කර ඇත. මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. අපරාධය සම්බන්ධයෙන් මිය ගිය බිලිඳාගේ මව අත්අඩංගුවට ගෙන…