Author: Buzzer Editorial

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. එහිදී විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ, ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි. ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බව හෙතෙම පැවසීය. මෙලෙස වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් බවද ඔහු පැවසීය. නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව තිබේ. ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%ක්…

Read More

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65කි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවයි. නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වේ. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම…

Read More

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

සිනමන් හෝටේල්ස් & රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල් ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon), 2025 නව වසරේ දී මහනුවර ප්‍රදේශයේහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ සහ සංචාරකයින් අතර අතිශයින්ම ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන කන්ද උඩරට ප්‍රදේශය තව තවත් ආකර්ෂණීය කිරීමට බලාපොරොත්තුව වේ. ව්‍යාපාරික සහ විනෝදාස්වාදය සඳහා පැමිණෙන සංචාරකයින් හට සුදුසු පරිදි නිමැවූ Kandy Myst by Cinnamon, නුවර කටුගස්තොට ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති බැවින් සියලු නාගරික පහසුකම් සඳහා ද මහනුවර නගරයේ වැදගත් ස්ථාන සියල්ල සංචාරය කිරීම සඳහා ද ප්‍රවේශ පහසුකම්…

Read More

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් පාර්ලිමේන්තු⁣ සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය. වැදි ජනතාවගේ ⁣ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට යොමු කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද…

Read More

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන යන කාර්යාල හතරක මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 17වනදාය. ඉතා සූක්ෂමව සිදුකෙරුණු මෙම විමර්ශනයේදී සැකකරු විසින් සොරාගත් ලැප්ටොප් පරිඝණක සහ ජංගම දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ තිහක වටිනාකමකින් යුත් භාණ්ඩද සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ. විමර්ශනවලදී පොලිස් නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සොරකම් සිදුවූ සෑම…

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. 2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ආර් .එස්.එස් සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. මෙම නඩුව…

Read More

අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. දින 36කට පසුව තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අවස්ථාව අද ලබාදුන් බවත් ආණ්ඩුව සාධාරණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ ද එවැනිනක් සිදුනොවුණ බව ද මන්ත්‍රීවරයා පැවසීය. මෙයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, අර්චුනා මන්ත්‍රීවරයාට කතා කිරීමට වේලාව වෙන්කර දීමා ආණ්ඩුවේ නොව විපක්ෂයේ වගකීමක් බවය. ඒ වෙනුවෙන් තමා නිතර කථානායකවරයා පවා දැනුවත් කර ඇති බවත් මන්ත්‍රීවරයාගේ කථා කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බව ද බිමල් රත්නායක…

Read More

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි බවත් එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ පවසන්නේ, අද දිනයේ දී යම් කෙනෙකු විසින් දිනයක් වෙන්කර ගත්තේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා ලැබෙන දිනය ජූනි 27 වනු ඇති බවය. අද (23) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, “මාර්ගගත ක්‍රමය මගින් දිනයක්…

Read More

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Read More