- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
- තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්
- ගුවන්යානා අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි
- ඊශ්‍රායල ප්‍රහාරයෙන් IRGC ලොක්කෙක් මරුට
Author: Buzzer Editorial
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නඩුවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ. මෙලෙස ඇප නියම කරන ලද්දේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකාරවරයෙකි. 2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 6.1 අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගන් ලැබීය. එම නඩුවේ තවත් සැකකරුවකු අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් මෙම සැකකරු…
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (24) දියත් කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී ය. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර මත්ද්‍රව්‍ය ඇතුලු දේපොළ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන සේනානායක මාවත, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් දේපලඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349ක්කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්මත්පෙති 320ක්මත් මුද්දර 129ක්වායු පිස්තෝල අවි 01ක්කඩු 02ක්පොලිතීන් සීලර් 01ක්විද්‍යුත් තරාදි 05ක්මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදා ගන්නා පැකට්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණ තිබුණි.
ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත. කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වේ. ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද ඔවුන් රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු නිදහස් කරනු ඇත. පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගන්නා දෙවන අවස්ථාව මෙයයි. පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළහ. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදීමෙන් ඊශ්‍රායල…
උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව විසින් වනයේ කඳුකරය අසබඩ පිහිටි දියඇල්ලක ඉහත්තාව අසල නතර වෙයි. ඇගේ ගෙලෙහි ඇති ඇට මාලය ගලවා බිළින්දා ගෙලෙහි පළඳවයි. බිළින්දා නොනවත්වා හඬයි. බිළින්දාගේ හඬත්, දියඇල්ලේ ජල පහරේ හඬත් අනුනාද වෙයි. ඊළඟට රූපය ජේදනය වන්නේ එකවරම මව විසින් බිළින්දා දියඇල්ලෙන් පහළට දමන සමීප රූපයකිනි. බිළින්දා දියඇල්ලේ ගල තලාවන් දිගේ ලිස්සා ගොස් අතුරුදහන් වෙි. මව වහා දිවයන්නේ මීදුමින් වෙළාගත් මන්දිරයක් බඳු පල්ලියක් වෙතට ය. එය විසල් පල්ලියක් බව සංඥා කරන්නේ දිගු රූපයකිනි. මව විසින් පල්ලිවේ ලී දොරට තට්ටු කර පවසන්නේ තමන් මනුෂ්‍ය ඝාතනයක් කළ…
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් නම් කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බවයි. මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම්කළේය. ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත. එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්ය. ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන තිබේ. ඔහුට අංක 4 ස්ථානය හිමිව ඇත. මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට අංක 8 ස්ථානයට නම්කර ඇත. ICC 2024 වසරේ එක්දින කණ්ඩායම
ආනයනික බහාලුම් නිදහස් කරගැනීමේ ප්‍රමාදය සහ තදබදය නිසා පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කෙරුණු බහාලුම් 323ට අදාළ වගකීම රජය භාරගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. “නිර්ණායක අනුව තමයි මේ වැඩේ කරන්නේ. මේ කියන තුන්සිය ගණනත් එළියට දැම්මේ තුන්දෙනෙකුගේ කමිටුවක් හරහා. වරායට එන කන්ටේනර් 2000ම අපිට කවදාවත් පරීක්ෂා කරලා එළියට දාන්න බැහැ. ඒ නිසා අපි යම්කිසි ප්‍රමාණයක් නිදහස් කරනවා. අලුත් අංගනවලට යන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ” මේ පිළිබඳ සමාජයේ කතාබහක් මතුවූයේ පසුගියදා රේගු වෘත්තීය සමිති සන්ධානය සිදුකළ අනාවරණයත් සමගය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 2වනදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු වේ. ඒ අනුව පළමුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑයට වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර ඇත. ඉන් අනතුරුව ග්‍රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා තිබේ.
තෙරපිවරියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු ගෙන්වාගෙන, වෛශ්‍ය වෘත්තීයේ යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට බරපතළ වැඩසහිත වසර 15ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, එම දඬුවම වසර 05 කින් ගෙවී යා යුතු බවට අද (24) නියෝග කළේය. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළේය. 2021 වසරේ වලාන දූෂණ…