- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
- තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්
- ගුවන්යානා අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි
Author: Buzzer Editorial
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. 2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණි. අද සිට පෙබරවාරි මස 06 වෙනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. “මේක නැවත සමීක්ෂණයක් නෙමෙයි. අභියාචනා සලකා බැලීමක්. අපේක්ෂකයින්ගෙන් මුදල් අයකරලා කරන ක්‍රියාවලියක්. මේක එහෙම නෙමෙයි. විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කරන අභියාචනා සලකා බැලීමක් කරන්නේ. ඒ නිසා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් පමණක්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුවය. රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණි.
“එඔවින්” සුළි කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියට සහ අයර්ලන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් මිලියනයකගේ පමණ විදුලිය සහ ජලය සැපයුම ඇණහිට ඇති බවයි. එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ වසර 27කින් වාර්තා වූ වැඩිම සුළඟේ වේගය ඊයේ(25) වාර්තා විය. එම කලාපයේ, පැයට කිලෝමීටර 180 ඉක්මවූ තද සුළං ඇතිවූ බව විදෙස් වාර්තාවල දැක්වේ. ස්කොට්ලන්තයේ සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර උතුරු අයර්ලන්තයේ සියලුම පාසැල් වසා දමා තිබේ. කලාපයේ ගුවන් තොටුපොළ මෙහෙයුම්වලට ද දැඩි බාධා එල්ල වී ඇති අතර අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 1,200කට අධිකයි. ගසක් කඩා වැටීම හේතුවෙන් අයර්ලන්තයේ එක් පුද්ගලයෙකු…
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය. ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30වනදා තේරීපත් විය. වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත. ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබේ. වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එදිරිසිංහ මහතා 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට…
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එය මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය බවයි. ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ. ඉන්දියාවෙන් ලුණු ආනයනය සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දී තිබේ. පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගත්තේ ය.
ටෙස්ට් තරගයකදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු දඟපන්දු යවන්නා ලෙස නොමාන් අලි අද (25) ඉතිහාස ගතවිය. බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව මුල්ටාන්හිදී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේදී ඔහු මෙම ඓතිහාසික වාර්තාව පිහිටුවීය. කොදෙව් ඉනිමේ 12වන පන්දුවාරය යොමුකළ නොමාන් අලි ජස්ටින් ග්‍රීව්ස්, ටෙවින් ඉම්ලාච් හා කෙවින් සින්ක්ලෙයාර් දවාගනිමින් කඩුලු ත්‍රිත්ව වාර්තාවට හිමිකම් කීය. ඔහු පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගත් 6වන ටෙස්ට් පන්දු යවන්නා ද වෙයි. පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවස්ථා 6කදී කඩුලු ත්‍රිත්ව වාර්තා වී ඇති අතර, ඉන් 4ක් ශ්‍රී ලංකාවට එරෙහිව පිහිටුවා තිබීම විශේෂත්වයක්ය. ඉන් අවස්ථා 2කට වසිම් අක්‍රම් හිමිකම් කියයි. ඔහු පාකිස්තානය වෙනුවෙන් පළමුවෙන්ම කඩුලු ත්‍රිත්වයක් දවාලූ පන්දු යවන්නා…
කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24) දහවල් කාලයේ ගිරානේගම පොලිස් වසමේ උල්පතයාය ප්‍රදේශයේදී ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. එහිදී පුරාවස්තු ස්ථානයක් කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන රන් පැහැති බුදු පිළිමයක්, රන් පැහැති නෙළුම් මලක හැඩති පෙති 24කින් යුත් මලක්, රන් පැහැති බෝපතක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන හල්මිල්ලෑව, ආඬියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගිරානේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිතය. ඇල්ල – ඕඩිසි – කැන්ඩි දුම්රිය පෙබරවාරි මස 01 වනදින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා සඳහන්…
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ. ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති මාර්ගගත සාකච්ඡාවේදී එම…
අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. අමාත්‍යවරයා පැවසුවේ එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවය. අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මීට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.