Author: Buzzer Editorial

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවය. “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඔහු…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. යාපනය ප්‍රාදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වු පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. “සියලුම පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් ආණ්ඩුව පැත්තෙන් පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දැනට අධිකරණය තුල එයට පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා යම්කිසි පාර්ශවයන් කිහිපයක්. නමුත් අපි විශ්වාස කරනවා මැතිවරණ පැවැත්වීමට…

Read More

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් මෙම කොට්ඨාස ස්ථානය කරන බවයි. එම කොට්ඨාස පිහිටුවීම ඉදිරි සති දෙක ඇතුළත සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ අදාළ කොට්ඨාස වෙත නිලධාරීන් අනුයුක්ත කිරීම සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි. මේ වනවිට දකුණු හා බස්නාහිර පළාත්වල එවැනි කොට්ඨාස පිහිටුවා අවසන්. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මෙම කොට්ඨාසවල සක්‍රීය දායකත්වයක් ලබා ගැනෙනු ඇත. පොලිසිය පැවසුවේ, මෙම අපරාධ කොට්ඨාස හරහා පාතාල අපරාධ ක්‍රියා සමීපව අධ්‍යයනය කර ඒවා මර්දනයට කඩිනමින් පියවර ගන්නා…

Read More

ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මහාචාර්යවරයා සඳහන් කළේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට හැකි බවයි. සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත්ව නිරීක්ෂණය වන බවද මහාචාර්යවරයා සඳහන් කළේ ය. මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ යුරේනස් සහ නෙප්චූන් ද දුරේක්ෂයකින් දැකගත හැකි බවයි. එම ග්‍රහලෝක පෙරහැර ලබන 29 වැනිදා දක්වා හිරු බැස යෑමෙන් පසු විනාඩි 90 ක් තුළ හොඳින් දැකගත හැකි බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

Read More

පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය. ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව…

Read More

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484 ක සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසන්නේ එම වාර්තා අසතය හා නොමග යවනසුළු ඒවා බවයි. 2025 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමඟ පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින්…

Read More

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) මහනුවර දුම්රියපල අසලදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. සැකකරු දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවි කර ඇති අතර ඔහු සතුව තිබී ඊ ටිකට්පත් දෙකක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 වන කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

Read More

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමුකර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ අදාළ ගැටුම පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවය. ඊයේ (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණි. ඉන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබු අතර දෙදෙනෙකු ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ගැටුමෙන් තුවාල ලැබු අනෙක් රැඳවියන් දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි. මේ අතර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, මේ වන විට එහි…

Read More

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More