- ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක දැනුම්දෙයි
- ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
Author: Buzzer Editorial
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්‍රශ්නය තියෙන්නේ, ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයක් තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි කියලා. මේ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක රතු…
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත. රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ. මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර…
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්ධීය ධීවරයින් පිරිසක් කන්කසන්තුරය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුරට පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොර බැදීමක් සිදුව ඇති අතර එහිදි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත. එහිදී ධීවරයින් දෙදෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර එම දෙදෙනා යාපනය මහ…
ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුන වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට යොහාන් පීරිස් පත්ව තිබේ. ඒ මහාද්වීප හතේම උසම කඳු තරණය කිරීමේ ගවේෂණයේ කොටසක් ලෙසයි. එම කන්ද මීටර් 4,892ක් උසකින් යුක්ත වේ. ඔහුගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කර ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමයි. කෙසේ වෙතත්, 50 හැවිරිදි ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කොසිඔස්කෝ , අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ , යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු හතර සාර්ථකව තරණය කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් ද සිදුකර තිබී ඇති බව සඳහන් ය. මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර තිබේ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බවද වාර්තා වේ. මේ අතර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පලාත් පාලන…
විවිධ ගුවන් සමාගම්වලින් මෙරටට අයවිය යුතු බිලියන ගණනක මුදල් හැකි ඉක්මණින් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ කටුනායක ගුවන් තොටුපොළේ පැවති සාකච්ඡාවකදියි. මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් රජය මගින් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචි කිරීම් පුළුල් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බවයි. 2028 වනවිට මිලියන 12ක ගුවන් මගීන් ගෙන්වා ගැනීමටත් සැලසුම් කර තිබේ. සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට…
වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි. “සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ. යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි. රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු…
රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත්කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්‍යක්ෂවරයාට අවසර ලබාදී තිබේ. එමෙන්ම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා තෙක් වාහන ආනයනයට ද හැකියාව පවති. ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ…
රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය. මේ අතර පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.…