Author: Buzzer Editorial

කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29) තහවුරු කළේය. ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මේ බව අනාවරණය වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසීය. මේ අතර නාවික හමුදා භාරයට ගැනුණු අදාළ ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදෙන බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පියවර ගත්තේ පසුගිය සදුදා (27) රාත්‍රීයේ දී…

Read More

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. 27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුරට පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොරබැදීමක් සිදුව ඇති අතර එහිදි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනිඅවිය ස්වංක්‍රීයව…

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. අද දෙරණ කළ විමසීමකදී ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවය. වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතා බව සදහන්ය.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 08 වනදා සිදුකරන බවත් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළහ. ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය විසින්…

Read More

ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) වාර්ෂික වෙනස මගින් මනිනු ලබන, මතුපිට උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණාත්මකව පැවතුනි. මහ බැංකුව පවසන්නේ ඉල්ලුමේ පීඩනය අඩු වුවද,…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන පහතින් දැක්වේ,

Read More

මත් පෙති 40,000ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් භාරයට ගත් මත් පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බව පොලීසිය පැවසීය.

Read More

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිඳු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස ද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා, “අප ආයතනයේ අනුමැතිය නොමැති කිසිම ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි අනුමැතිය නොමැති දුරකථන භාවිත කිරීම වළක්වාලීමට අප විසින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කිරීම නුදුරේදීම සිදු කරනවා.” “අනවසර ජංගම දුරකථන නිසා මේ වනවිට අප සමාජයේ සිදුවී ඇති අනීතික ක්‍රියා අවම කර රටේ…

Read More

පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරන බවත් ඒ සඳහා ඕෂද ප්‍රනාන්දුව ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා කැඳවා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත වොර්න් මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 29 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ වනවිට ටෙස්ට් තරගාවලි 14ක් පවත්වා ඇති අතර ඔස්ට්‍රේලියාව ඉන් තරගාවලි 11ක් ජය ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගෙන ඇත්තේ ටෙස්ට් තරගාවලි 2ක් පමණි. එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2016 වසරේදීය. පළමු…

Read More

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ප්‍රකාශයට පත් කර නොමැත. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවට සංවාදයක් මතුවීමත් සමග දෙපාර්ශ්වය සමග මෙම සාකච්ඡා ආරම්භ වී ඇත. ඒ අනුව අදාළ සාකච්ඡා වටයේ තුන්වන සාකච්ඡා වටය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙහිදී මීට පෙර සාකච්ඡාවලදී යෝජනා වූ තීරණ පිළිබඳව පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට…

Read More