Author: Buzzer Editorial

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ (SLCMP) බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා වෙත ජනවාරි 29 දින අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරියගේ අතින් නව හෙල්ලයක් පිරිණැමීම සිදුවිය. 2024 වර්ෂයේ ප්‍රංශයේ පැවැති පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේ බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා හමුවු සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය තම ශ්‍රී ලංකා සංචාරයේදී මෙම විශේෂ හෙල්ලය ලබා දීමට අදහස් කර ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය සහ සමිත දුලාන්ගේ පුහුණුකරු ප්‍රදීප්…

Read More

මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 37,383කි. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

Read More

ශ්‍රී සද්ගුරු මධුසුදාන් සායි දාර්ශනික මගපෙන්වීම යටතේ ලොවපුරා සමාජසේවා කටයුතු සිදුකරනුලබන ශ්‍රී මධුසුදාන් සායි මානුශීය සත්කාරය මෙහෙයුම් කටයුතු යටතේ   එක ලොවක් එක පවුලක් යන තේමාව යටතේ දෙවනවරටත් පැවැත්වීමට නියමිතව ඇති ඉන්දියානු ප්‍රවීණයන්ගේ කන්ඩායම සහ ශ්‍රීලංකා ප්‍රවීනයන්ගේ කන්ඩායම් හි පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය පිලිබද මාධ්‍ය සාකාච්ඡාව  පසුගිය 29 දා කොළඹදී පවත්වනු ලැබිනි. මෙම මාධ්‍යය හමුව අමතනු ලැබුවේ ,ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සමගින් හැටන් වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කලමනාකරණ අධ්‍යයක්ෂක මේනක අතුකෝරල මහතා සහ සිංගප්පුරුවේ පිහිටා ඇති ජී ඇන්ඩ් ජී සමූහ ව්‍යායාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ගව්රි ශංකර් මහතා විසිනි. මෙවර තරගාවලියේ තේමාව ලෙස අරමුනක් වෙනුවෙන් ක්‍රිකට් යන්න…

Read More

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. “ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේ, නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බවය. ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ…

Read More

දිවයින පුරා වායු තත්ත්ව දර්ශක අගය අද (30) දිනයේදී සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. පසුගිය දින දෙකෙහි වායු තත්ත්ව දර්ශක අගය 150 ඉක්මවා ගියත් මේ වන විට රට මැද බොහෝ තැන්වල වායු තත්ත්ව දර්ශක අගය 50ට අඩු අගයක් ගෙන ඇති බව සඳහන් වේ. එම අගය, 150ට වැඩිව පවතින එකදු ස්ථානයක්වත් අද දිනයේ වාර්තා වී නොමැති බවත්, කොළඹ, ගාල්ල, මාතර සහ යාපනය යන ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ද 100ට ආසන්න අගයක බව ඒ මහතා පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ මේ තත්ත්වය ද ඉතා ඉක්මනින් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවය. කෙසේවෙතත් ස්වසන අපහසුතා…

Read More

දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පවසයි. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අර්ච්චුනා මහතාව අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරියේය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමා වෛද්‍යවරයෙකු බවත් අතීතයේ සිට දේශපාලනයට ඇලුම් නොකර බවය. ජනතාව වෙනුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුවත් තමා අකමැතිම කේෂ්ත්‍රය දේශපාලනය බව ද ඔහු පැවසීය. “මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දේ දීලා නෑ. දැන් ඇත්තටම ආවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා වැඩිදුරටක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති කේෂ්ත්‍රයක්. හැබැයි ඉන්න කාලයක් මම කෙලින් ඉන්නවා.”

Read More

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ. එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ. කැන්සාස් හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි. එමෙන්ම අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ. විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කරමින් පැවති අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන්…

Read More

හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටින තවත් ප්‍රාන ඇපකරුවන් පිරිසක් අද (30) දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබේ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු සහ තායි ජාතිකයින් පස්දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස නිදහස් කරනු ලබන තායි ජාතිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරතව සිටි කම්කරුවන් බව සඳහන් වේ. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතිකයින් 110 දෙනෙකු මීට පෙර නිදහස් කරනු ලැබීය.

Read More

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවය. “ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ අපි ආයතනයක් හැටියට ඉහළ කළමනාකාරීත්වය එක්ක එකතුවෙලා පාරිභෝගිකයින්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනදායි මිල අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා. ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්ම තියෙයි කියලා අනුමානයෙන් අපි ඉන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් අවසන් දින කිහිපය තුළ. ඒ නිසා පෙබරවාරි ගෑස් මිල ගැන දැන්මම කියන්න…

Read More

ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය. අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩ කටයුතු අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා.”

Read More