- ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක දැනුම්දෙයි
- ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
Author: Buzzer Editorial
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ. එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය. එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ. ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය. ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.
ඒ ගාසා තීරයේ රඳවා තබා ගෙන සිටි ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු සහ තායි ජාතිකයින් පස් දෙනෙකු හමාස් සටන් කාමීන් විසින් නිදහස් කිරිමත් සමගයි කෙසේ වෙතත් හමාස් ග්‍රහනයේ සිටි ඊශ්‍රායල කාන්තාවක් නිදහස් කරන අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාකලාපයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායල අගමැති විසින් පැය කිහිපයක් ප්‍රමාද කර තිබේ. දින 470කට පසුව පලස්තීන සිරකරුවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ නැවත එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර පසුගිය වසරේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය තම සංවිධානයේ හමුදා ප්‍රධානියා වන මොහොමඩ් ඩීෆ් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ගේ මරණද හමාස් නිළධාරින් විසින් තහවුරු කර තිබේ.
සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. “ළමා සියදිවි හානි කරගැනීම්.. 2022 වසරේ 18ට අඩු දරුවන් 133 දෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270ක් කියලා කියනවා. මේ සියලුම දේවලට විවිධ හේතු තියෙනවා. මේකට ගන්න පුළුවන් එක පියවරක් තමයි සමාජ මාධ්‍ය කොයි විදියටද තහනම් කරන්නේ කියන එක. රටක් වශයෙන් කුමක් කළ යුතුද කියන කරුණු ගැන තොරතුරු රැස් කරලා තියෙනවා. තව සතියකින් දෙකකින්…
බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) දිනයේදී නිකුත් කරන බව නාරා ආයතනය පවසයි. එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ එම ජලයේ ඇමෝනියා සාන්ද්‍රණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවය. “ජලය අපවිත්‍ර මට්ටමක පවතින බව තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. කොහොම වුණත් ඒ සම්බන්ධ අදාළ වාර්තාව අද නිකුත් කරන්න පුළුවන් වෙයි.” මේ අතර බේරේ වැවේ මියගිය පක්ෂීන්ගේන් ලබාගත් සාම්පල, පරික්ෂා කිරීම අරම්භකර ඇති බව ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩි ඉජාස් මහතා පැවසීය. එම පරීක්ෂණ වාර්තා ඉදිරි සති දෙක තුළ ලබාදීමට හැකිවනු ඇති බවය මොහොමඩි ඉජාස් මහතා…
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කරයි. ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වනදා ය. ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබේ. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා විය. මීට අමතරව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ද පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වුණි. කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති බව සඳහන් ය. අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බව ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ සඳහා එක්ව සිට ඇත. සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි. මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ද ඊට එක්ව තිබේ.
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිසිය පැවසීය. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව සඳහන් ය. මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නොමැත. සැකකරුවන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බවයි. මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා. පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස…
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ. වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත. භාණ්ඩ ලැයිස්තුව පහතින්, භාණ්ඩයපැවති මිල (රු)නව මිල(රු.) ඉතිරිය (රු.)ලොකු ලූනු(ආනයනික) 230.002.20.00 10.00පාන් පිට …
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගත්තේය. 2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, එහි විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබූ බවය. ඒ අනුව, එවක සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන්…