Author: Buzzer Editorial

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට තෙන තිබේ. ඔවුන් පැමිණි මොටර් බොට්ටුව ද නාවික හමුද භාරයට ගෙන ඇත. ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම පිරිස ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Read More

කුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තුන් දින සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ජොන්ටි රෝඩ්ස් ගුවන්තොටුපොළේ දී මාධ්‍යයට පැවසීය. අද අලුයම 05.25ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජොන්ටි රෝඩ්ස්ව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Read More

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. නියාමනය තුළින් ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීම අපේක්ෂා කරන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. “අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මේ රූපලාවන්‍ය ගැන ප්‍රශ්නය. සෞඛ්‍යමය තර්ජනයකුත් තියෙනවා මේකත් එක්ක කළු සල්ලි ජාවාරමකුත් තියෙනවා. අපිට NMRA පනත වෙනස් කරන්න…

Read More

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වී තිබුණි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි මෙරටට වාහන ආනයනය කරන්නේ නැහැ. පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම්සහගතව කළ යුතු කාර්යයක් මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුමදෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ. ‍ඩොලරයේ අගය ඉහළ ගිය…

Read More

මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇතැයි අනාවරණය වී තිබේ. 2023 වසරේ මෙම ආහාර තොගය ආධාර ලෙස ලැබී තිබුණේ ලෝක ආහාර වැඩසටහන යටතේදීය. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000කින් සමන්විත ගබඩා 16ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගැනේ. පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝග්‍රෑම් ලක්ෂ 15කට අධික තොගයක් එහි ගබඩා 3ක ගබඩා කර තිබී ඇත්තේ දිළිඳු ජනතාවට සහ පාසල්…

Read More

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි. ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය. 2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය. එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Carbon-Neutral ගිටාර් පෙළහර වන ‘Strings of Souls’ ලබන 09 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පානදුර The Barnhouse හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන වායෝ සමඟ Green Pictures, The Barnhouse සහයෝගීතාවෙන් මෙම ප්‍රසංගය පවත්වනු ලබයි. ගිටාර් වාදනයේ අතිදක්ෂයින් 300ක් පමණ මේ සඳහා සහභාගි වීමටි නියමිතය. “FOOTPRINT 2024” සිනමා පටය ද මෙහිදී විකාශය කිරීමට කටයුතු යොදා ති‍බේ. මෙම ප්‍රසංගය වඩාත් සුවිශේෂී වන්නේ මෙය හුදෙක් සංගීතය ගැන පවත්වන ප්‍රසංගයක් පමණක් නොවීමයි. මෙම ගිටාර් පෙළහර වෙනසක් කිරීම උදෙසා ය. විදුලි භාවිතය අවම කිරීමෙන්, තිරසාර සම්පත් භාවිතා කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීමෙන්,ප්‍රසංග පැවැත්විය…

Read More

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත. මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ. ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන්ය. එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැත. අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත විදේශිකයන් පිළිබඳ නිවේදනය

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ. දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස අවසන් ගෞරව දක්වා ඇත.

Read More