Author: Buzzer Editorial

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Read More

. හම්බන්තොට දිස්ත්‍රික්කට අඩුවක්ව පැවති ගෘහස්ත පුහුණු ක්‍රීඩා ගාරයක් ක්‍රික් මාස්ටර් ඇකඩමි නමින් මිද්දෙනිය ප්‍රදේශයේදී පසුගිය දා විවෘත කරනු ලැබීය ව්‍යාපාරික තුෂාර මහත්මා විසින් මෙය ඉදි කර ඇති අතර මෙහි විශේෂත්වය වනුයේ හම්බන්තොට දිස්ත්‍රිකයට ඇති එකම ගෘහස්ත පුහුණු කි්‍රීඩාගාරයයි මෙයින් ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රිඩාවට යොමු වී ඇති පාසල් සිසුන්ට විශාල සේවාවක් සිදු වේ මෙම අවස්ථාවට ප්‍රදාන ආරාධිත ලෙස ප්‍රවීන වේගපන්දු පුහුණුකරු සහ උපදේශක අනූෂ සමරනායක මහතා සහ ප්‍රදේශයේ පාසල් විදුහල්පතිවරුන් ක්‍රීඩා පුහුණු කරුවන් ඇතුලූ පිරිසක් සහභාගි වියක්‍රිඩා පුහුණුකරු නේලක මහතාගේ සංකල්පයකට අනුව මෙය ඉදිකරඇති අතර මෙමගින් හාර්ඩ් බෝල් පහසුකම්වලින් අඩු හම්බන්තොට දිස්ත්‍රික්කයයේ පාසල් සිසුන්ට විශාල සේවාවක් සැලසේ

Read More

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතී. බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදාළ ධුරය සඳහා ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් තෝරා පත් කරගෙන ඇති බව සඳහන්ය. මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනු ලබයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන තිබේ.…

Read More

පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ , වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. පොල්ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා තිබේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා, “ලංකා පොල් වාණිජ මණ්ඩලය…

Read More

පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධාකිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැගූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරය ඉදිරියට යමින් සිටින බවය. 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ. “අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප…

Read More

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. සැබෑ නිදහස හනවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත් වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බව ද සිය නිදහස් දින පණිවුඩය තුළින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසීය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇති බව ද ඇය අවධාරණය…

Read More

නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 77 වන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට නිදහස් දිනය දා අධිෂ්ඨාන කර ගත යුතු බවය. සැබෑ නිදහස භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි හිමි සඳහන් කළේය.

Read More

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම් උළෙල සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය සියයට 40කින් පමණ අඩු කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා…

Read More

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ. “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටින බව ද අප වාර්තාකරුවන් පවසයි. මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය. නිදහස් දින සැමරුම් උත්සවයේ සජීවි විකාශය

Read More