- ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක දැනුම්දෙයි
- ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
Author: Buzzer Editorial
බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබේ. මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා එනම් නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසයි. හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවස ගිනි තබා තිබුණේ හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසකි. පසුගිය අගෝස්තු මාසයේදී පැවති බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හසීනා තවමත් රැඳී සිටින්නේ ඉන්දියාවේය.
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන්ය. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇත. කෙසේවෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන් කළේය. මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ටොන් ලක්ෂ 02ක් වන බව සඳහන්ය. කෙසේවෙතත් පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටුණි. මේ…
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් සිදුව තිබේ. ඒ ඊයේ (05) පෙරවරුවේ කොළඹ විජේරාම නිල නිවසේදීය. එහිදී දෙරට අතර පවතින ද්වීපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ද එක්ව තිබේ. අසල්වැසි රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අවබෝධාත්මක අන්නෝන්‍ය සම්බන්ධතාව මෙන්ම දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ආගමික, සංස්කෘතික හා සමාජයීය බැඳීම් තමා ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ජා වී ඇති බව සඳහන්ය. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ…
පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. වත්මන් රජය පොල් වගාව දියුණු කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරන බවත් එතෙක් කෙටිකාලීන වැඩ පිළිවෙල කිහිපයක් අනුගමනය කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය. එසේම මෙවර අයවැය මගින් පොල් වගාව දියුණු කිරීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පොල් හිඟය ඉදිරියේදී ඇති නොවීම සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති පොල් වගාවට සම්බන්ධ ආයතන මගින් ඉහළ පොල් ඵලදාවක් සඳහා වන පරීක්ෂණ, දේශීය පොල් නිෂ්පාදනය ඉහළ දැමීම…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි. පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අදාළ ලිපියේ සඳහන් කර තිබේ. මේ අතර ඊයේ දිනයේ දී මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු…
පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණි. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, 2015 – 2019 කාලය තුළ දී වනඅලි 1,466ක් මියගොස් ඇති අතර, 2020- 2024 කාලය තුළ වනඅලි 2,011ක් මියගොස් ඇති බවය. මේ අතර, වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළ දී මිනිස් ජීවිත 1,190ක් අහිමිව ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ 2015 – 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 – 2024 යන කාලයේ දී ජීවිත 734ක් ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අලි…
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මහා කුම්භ මේලා උත්සවයට සමගාමීව එරට ප්‍රයාග්‍රාජ් වෙත ගොස් සංගම් නම් ස්ථානයේදී ශුද්ධ වූ ස්නානයට එක්වී තිබේ. එහිදී, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් සමඟ ඔහු අරයිල් ඝාට් සිට ගංගා, යමුනා සහ මිථ්‍යා සරස්වතී යන ශුද්ධ ගංගා එක්වන ත්‍රිවේණි සංගම දක්වා බෝට්ටු සවාරියක් ද ගොස් ඇත. ජනවාරි 13 වනදා ආරම්භ වූ මහා කුම්භමේලා 2025 උත්සවය පෙබරවාරි 26 වනදා මහා ශිවරාත්‍රිය දක්වා පවතිනු ඇත. මෙය ලොව පුරා පවතින විශාලතම අධ්‍යාත්මික හා සංස්කෘතික උත්සව වලින් එකක් වන අතර එය ලොව පුරා බැතිමතුන් සමරනු ලබයි. මේ අතර, ඇපල් සම-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ හිටපු බිරිඳ ලෝරේන් පවෙල් ජොබ්ස්, කෝල්ඩ්ප්ලේ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ව්‍යාජ ආකාරයෙන් පෙනී සිටිමින් විවිධ පුද්ගලයින් බියගන්වා මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත. ඊට අදාළව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන්…
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය යොදාගෙන වංචනික දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් අදාළ දැන්වීම පළ කර ඇති අතර එය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද දැන්වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ඊට අමතරව ශ්‍රීලන්කන්…
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.