- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
- කොළඹ නගර සභාවේ උණුසුම – සජීවීව බලන්න
- කොළඹ බලය කාට ද? පුරපති තේරීමේ ඡන්ද විමසීම අද
- කොළඹ පුරපති සටන – සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට
- දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්
- ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල
- රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්
Author: Buzzer Editorial
සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාවීම බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124කදී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වීමට නියමිතය.
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නැවත වතාවක් ගිනි ගැනීමක් සිදුව තිබේ. එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව සඳහන් ය. මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත් අතර එය අද අලුයම මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සමත්විය.
බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීථියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබේ. මෙම යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ඇතුළු රථවාහන කිහිපයක් මතට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. යානය කඩාවැටීමත් සමග එම ගුවන්යානය සහ අනතුරට ලක්වූ රථවාහනද ගිනිගැනීමට ලක්ව ඇත. මෙම සැහැල්ලු ගුවන් යානයේ හිමිකරු ධනවත් නීතීඥවරයෙක් බවට තොරතුරු වාර්තා වේ. අනතුරෙන් සිදුවූ මරණ ගණන පිළිබඳ නිල සඳහනක් නොමැත.
රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (7) පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික ජීවිතයකට ඉඩ සැලසෙන බවය. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග…
රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා සුළු පහළ යාමක් වාර්තා කර ඇත. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.04 සිට ඩොලර් බිලියන 5.98 ක් දක්වා 1%කින් පහළ ගොස් තිබේ. මෙම නිල සංචිත…
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය. අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය. රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි. විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවය.
පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාවත්, ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල පිළිබඳවත් අද (7) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ජාතික ජන බලවේගය මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා මෙම කරුණු කියා සිටියේය. 1976 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත්කළ යෝජනාව සම්මත වූ පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය හා ඒ වෙනුවෙන් ගෙවනු ලබන මුදල් පිළිබඳ මෙහිදී ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා කරුණු පැවසීය. ඒ අනුව මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටියි. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගෙවන කලාත්‍රයන් (බිරිද හෝ සැමියා) 182කි. ඒ අනුව මන්ත්‍රීවරු හා කලාත්‍රයන් 500කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම්…
මෙරට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනෙකු ගුවන්මගින් අද (07) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට මෙම සැකකරුවන් අවශ්‍ය සිටි බව පොලීසිය පවසයි. ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණි. මෙලෙස දිවයිනට රැගෙන ආ සැකකරුවන් සිදුකළ බවට පැවසන අපරාධ පිළිබඳ විස්තරයක්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වනවිට නිකුත්කර ඇත. රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා අවුරුදු 42ලිපිනය – පුවක්ගහ වත්ත,මාකන්ද, ඌරගස්මංහන්දිය 2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය. මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය. මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. “මම මේ යෝජනාව…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අවශ්‍ය නම් අලුතින් නඩු පැවරීමට කටයුතු කරන බවත් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් ඇය මෙහිදී සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, “අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්. ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා…