Author: Buzzer Editorial

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) දින නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබේ. එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරුතහනම් නියෝගය නිකුත් කළේය. අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරයේ නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

Read More

ඩරට මාර්ගයේ ධාවනයට අද සිට නව දුම්රියක් එක්වෙයි. එය නම් කර ඇත්තේ, ඇල්ල ඔඩිසි – නානුඔය ලෙසයි. එය අඟහරුවාදා දිනවල හැර සෙසු සියලු දිනවල නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙයි. නානුඔයෙන් උදෑසන 8.10 ට ගමන් ආරම්භ කරන දුම්රිය, බදුල්ලට ළඟා වන්නේ, පෙරවරු 11.36 ට පමණයි. එම දුම්රිය සඳුදා දිනවල හැර සෙසු සියලු දිනවල බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ. පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්වන දුම්රිය, පස්වරු 5.17 ට නානුඔයට ළඟාවෙයි. ඉදිරියේදී ඉල්ලුම පරිදි දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගන්නා බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Read More

Booking.com විසින් 2025 වසර සඳහා ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගරය ලෙස ශ්‍රී ලංකාවේ සීගිරිය නම් කර ඇත. මෙම නම් කිරීම සිදු කර ඇත්තේ මිලියන 360 කට අධික සංචාරක ප්‍රතිචාර මත පදනම්වයි. Booking.com විසින් වාර්ෂිකව පිරිනමනු ලබන “Traveller Review Awards” ට සමගාමීව 2025 වසර සඳහා වන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර 10 මෙලෙස එළිදක්වා අතර, සංචාරකයින්ට මෙම අද්විතීය ගමනාන්තවල චමත්කාරය සම්පූර්ණයෙන්ම විඳ ගැනීමට උපකාරී වන උපදෙස් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඔවුන් විසින් සිදු කරයි. ඒ අනුව 2025 වසර සඳහා වන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර 10 වනුයේ,

Read More

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය. ඊයේ (09) උදෑසන 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය. මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය. විදුලි බල…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය. ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින්…

Read More

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ පසුගිය 07 වැනිදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. එහිදී උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදු පිරිසට සහන ලබා දීම, ව්‍යාපෘතිය ඉදිකිරීමේදි සිදුවූ ගිලා බැසීම්, පුපුරා යාම් නිසා හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබා දීම, වගා…

Read More

ඔස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයත් කඩුලු 9ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (09) සිදුවුණි. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් ලබා ගත්තේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු දිනේෂ් චන්දිමාල් වන අතර ඔහු රැසක්ළ ලකුණු සංඛ්‍යාව 74කි. ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 414ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ඇලෙක්ස් කේරී ලකුණු 156ක් සහ නායක ස්ටීව් ස්මිත්…

Read More

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි

Read More

පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවය. ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක වන බවද ඔහු පැවසුවේය. 2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය සැළසුම් කර ඇත. ඉන් පැළ මිලියනයක් උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රීතව සිටුවීමට කටයුතු කරන බවද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා අද දෙරණට සදහන් කළේය.

Read More

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පසු බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 48 දෙනෙකු සිටි බවත් වාර්තා වේ. අනතුරින් පසු මියගිය පිරිසගේ අනන්‍යතාව හඳුනාගැනීමට එරට බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අනතුර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Read More