- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
- කොළඹ නගර සභාවේ උණුසුම – සජීවීව බලන්න
- කොළඹ බලය කාට ද? පුරපති තේරීමේ ඡන්ද විමසීම අද
Author: Buzzer Editorial
ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්ය. මේ අතර එම සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරී ගිනිඅවිය ද සමග ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වීමේ සිදුවීමක් වාර්තා වුණි. අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලිස් කොස්තාපල්වරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන…
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබේ. ඒ අනුව විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත්…
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. අප කළ විමසීමක දී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවය. මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (10) අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ අතරින්…
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.
මේ අතර අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය. මේ අතර ඊයේ දිනයේ ද දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණි. නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ලබන සිකුරාදා වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි…
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය. එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා පවසයි. විදුලිය විසන්ධිවීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්වල පාලනයක් පැවතීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම 6ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දීය. 2024 වර්ෂයේ දී නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය. ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් ද නිකුත් කර තිබුණි. ඒ අනුව ඩෑන් ප්‍රියසාද්ව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන…
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ට්‍රෙයාර් ඇරවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්‍රෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය,බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරථන මාවත ඔස්සේ…
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා එම විශේෂ රැස්වීමක් කැඳවා ඇත. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය වී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කර තිබේ. එසේම පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව…
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය “Gulf of America” ලෙසද නම් කර ඇත. ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තැබුවේ, ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් පැවතිය දී ඒ තුළ සිටය.