- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
- කොළඹ නගර සභාවේ උණුසුම – සජීවීව බලන්න
- කොළඹ බලය කාට ද? පුරපති තේරීමේ ඡන්ද විමසීම අද
Author: Buzzer Editorial
ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතා වන අතර, එරට රාජ්‍ය ආයතනවල මූල්‍ය වංචා සෙවීමට පත්කළ ඩොජ් (DOGE) ආයතනයේ ප්‍රධානියාත් ඔහුයි. සිය කුඩා පුතු X සහ ජනාධිපති ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට මාධ්‍ය ඇමතීමේ අවස්ථාව මස්ක්ට ඊයේ (11) හිමිවුණි. ඉතාමත් අසාර්ථක සහ දූෂිත USAID වැඩසටහන යටතේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට මුදල් වැය කර ඇතැයි එහිදී මස්ක් අනාවරණ කළේය. ඊලෝන් මස්ක්,”එමගින් (USAID) වටිනා ව්‍යාපෘති කරලා තියෙනවා. ඒත් සමස්තයක් විදිහට ගත්තම තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. USAID බොහෝ විට කරලා තියෙන්නේ විවිධ රටවල මැතිවරණවලට බලපෑම් කිරීමයි. මං හිතන ආකාරයට එහි කටයුතු සැක සහිතයි වගේම රහසිගතයි.”
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එම හමුව සෞදි අරාබියාවේ දී පැවැත්වෙනු ඇති බව ද ඔහු පවසා තිබේ.
නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ සංගමයේ වැඩබලන ලේකම් ටෂ්යා ගජනායක මහතා සඳහන් කළේ මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පල කරන බවය. නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය දිනක ලබා දී තිබූ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලව සිදුකර ඇති බව නීති නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. අදාළ නිර්දේශ ලබාදීම සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නිසි නීතිමය කරුණු සලකා බලා බැවින් එම තීරණය සම්බන්ධයෙන් සිය සංගමය උපරිම විශ්වාසය පල…
අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. කාණ්ඩ 4ක් යටතේ අද දින දිවයින පුරා සිදුකරනු ලබන විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද අනුමැතිය හිමිව තිබේ. පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. ඒ අනුව…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ 3වන අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය. මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11 ක් හරහා ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කෙරෙන…
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු 3,519ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙනි. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා 2024-12-30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව එක් එක් අමාත්‍යාංශය සහ ආයතනවලට පුරප්පාඩු සඳහා පහත පරිදි බඳවාගැනීම් සිදුකිරීමට නියමිතය.
වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වූ බව පොලීසිය පවසයි. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසුවේ මෙම වැඩි තැබීමේ සිදුවීම්වලින් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකර ඇති බවය. ඉතුරු සිදුවීම් 06 යම් යම් සිදුවීම් මත පුද්ගලිකව ඇති වූ ආරවුල් මත සිදුවූවක් බවද ඔහු පැවසීය. අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ටී 56 ගිනිඅවි…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ පැරණි අලෝක පද්ධතිය වෙනුවට නව ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. එහි කටයුතු අවසන් අදියරේ පවතින අතර ඒ අනුව පැරණි අලෝක පද්ධතිය වෙනුවට LED අලෝක කුලුණු පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය. LED අලෝක කුලුණු හයකින් සමන්විත මෙරට දෙවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙයි. LED අලෝක කුලුණු හයකින් සමන්විත මෙරට පළමු ක්‍රීඩාංගණය වන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට නව ආලෝක පද්ධතියක් සවි කිරීමේ කටයුතු නිසා මාස කිහිපයක් එම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට හැකිවූයේ නොමැත. නව අලේක පද්ධතිය සවි කිරීමෙන් පසු යළි ප්‍රේමදාස පිටියේදී තරග…
හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය. පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ ඊයේ දිනයේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය අද දිනයේද ක්‍රියාත්මකය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවනු ඇති බැවින් ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂම ව ක්‍රියාත්මක කරගැනීමටත් මෙහි අරමුණ වනු ඇත. එමෙන්ම පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව නොයොකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා…