Author: Buzzer Editorial

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවය. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමන එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය. අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කි‍ලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් යන සමාගම් ඊයේ දිනයේ තීරණය කරනු ලැබීය.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම සිය රජයේ ප්‍රතිපත්තිය වුව ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා යම් යම් සීමා පැවති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඊයේ (17) රාත්‍රී “TV දෙරණ” ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඒ බව සඳහන් කළේය. “එක අයවැයකින් සියල්ල කරන්න බැරි බව අනිවාර්යෙන් පිළිගන්නවා. හැබැයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන්නේ නැහැ මේ පළවෙනි අයවැයෙන් කරන දේ. පළවෙන අයවැය කියන්නේ ගමන් මාර්ගයේ එක් නිශ්චිත කාර්යභාරයක් පමණයි. ප්‍රතිපත්ති කියන්නේ පුළුල් දේවල්. හැබැයි ඇක්ෂන්වලට කාලරාමුවක් තියෙන්න ඕනේ. දර්ශනයට කාලරාමුවක් නැහැ.” “වැට් බදු කියන්නේ වක්‍ර බද්දක්. අපි එදත් කිව්වා,…

Read More

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Read More

මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය. උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නගර වූයේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිණි. යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ. එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී. මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇමෙරිකාවේ ‘ඩෙල්ටා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකි. යානය කැනඩාව බලා පැමිණියේ ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ සිටය. ගුවන් යානයේ කැනේඩියානු ජාතිකයන් විසි දෙදෙනකු සිටි අතර සෙසු පිරිස ඇමෙරිකාවුවන් සහ විදේශිකයන්ය. යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත්…

Read More

පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට අදාළ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව ද අනාවරණය කර ඇත.

Read More

පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කළේය. පර්යේෂණවල දී ශ්වසන පද්ධතියේ යම් ආසාදනයක් පිළිබඳව අනාවරණ වී තිබූ අතර, මේ වනවිට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 88 හැවිරිදි පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බව වතිකානය ඒ අනුව නිවේදනය කර තිබේ.

Read More

සිංගප්පුරු විපක්ෂනායක ප්‍රිතම් සිං පාර්ලිමේන්තුව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමේ චෝදනාවකට වරදකරු වී තිබේ. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකර ඇති බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර ඇත. මෙම තීරණයත් සමග ඔහුට මේ වසරේ දී පැවැත්වෙන මහා මැතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවීම හේතුවෙන් ඔහුට සිංගප්පූරු ඩොලර් දස දහසක දඩයක් හෝ වසරක සිරදඬුවමක් නියම වනු ඇති බවද සඳහන් වේ. 48 හැවිරිදි සිංගප්පුරු විපක්ෂනායක සිප්‍රීතම් සිං 2021 වසරේ පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ සිදුකළ ප්‍රකාශයක් මෙම සිදුවීමට හේතුවී තිබේ.

Read More

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

Read More

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ. පාන්පිටි මිල අඩුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මහතා, “2024 වසරේදී මූලික වශයෙන් අපි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළා. කලින් අඩු කිරීම පාන් මිල අඩු කිරීමට හේතු නොවූවත්, ආයතන දෙකම දැන් කිලෝග්‍රෑමයකට රුපියල් 10ක අමතර අඩු කිරීමක් සඳහා පියවර ගෙන තිබෙනවා. මෙමඟින් සමස්ත මිල අඩු කිරීම කිලෝග්‍රෑමයකට රුපියල් 20 දක්වා ඉහළ ගොස්…

Read More

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද පැවසු ජනාධිපතිවරයා පැවසීය. වියදම් කළමනාකරණයේ දී දේශපාලන නායකයින් ලෙස රටට ආදර්ශයක් ලබාදීමට ඇමති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර ඇතැයි ද කියා සිටියේය. ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි…

Read More