Author: Buzzer Editorial

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම ව්‍යාපෘතිය 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බවය. මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන…

Read More

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ. ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවති බව සඳහන් ය. ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ. එහිදී වනඅලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස…

Read More

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සතියක කාලයක් ලබාදෙන බවය. අදාළ සාකච්ඡාවක් ලබාදීමට පියවර නොගතහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙවර අයවැයෙන් ගුරු – විදුහල්පතිවරුන් අපේක්ෂා කළ වැටුප් වැඩිවීම ද නොලැබුණු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේය.

Read More

මඩකලපුව මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක ගැටීමෙන් වනඅලි 6 දෙනෙකු මියගොස් තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, වනඅලි 7 දෙනෙකු ඊයේ(19) රාත්‍රියේ දුම්රියේ ගැටී ඇති බවයි. මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය ගල්ඔය අතර කැලෑබද ප්‍රදේශයේදී, 141 වන සැතපුම් කනුව ආසන්නයේදී වන අලි 7 දෙනෙකු දුම්රියක ගැටී මෙම අනතුර සිදු විය. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. වනඅලි ගැටී ඇත්තේ, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේයි. කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින් වන අලි 6 දෙනෙකු මියගොස් තිබේ.…

Read More

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ, ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවය. දසුන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට බව පවසමිනි.

Read More

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත. මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීවඋණ්ඩ හමුවී තිබේ. ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බව පොලීසිය පවසයි. එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ලිපට දමා ඇත. එහිදී උණ්ඩය පුපුරා ගොස් ඇති අතර නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී තිබේ. පසුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව…

Read More

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුවිය. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බව හෙළි වී තිබේ. වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති නමුත් මේ වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැකකාරිය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන…

Read More

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි. මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ ඇත. නිමාවූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම කඩඉමට පැමිණීමට හැකිව තිබේ. මහීෂ්ගේ පැමිණීමත් සමග මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. මහීෂ් එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව වේ.

Read More

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබේ. අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180/25 කණුව අසලදීය. එම විදෙස් ජාතික කාන්තාව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රියෙන් මෙලෙස ඇද වැටී තිබුණි. එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි. මරණකාරිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබුණි. එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ, බදුල්ලේ සිටි ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර…

Read More