- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editorial
නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit – 2025 සමුළුව අමතමිනි. The Innovation Island Summit – 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්,…
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කළේය. කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා තමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව මෙලෙස සභාගත කරන බවය. නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සාමාජිකත්‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බවත් කථානායකවරයා නිවේදනය කළේය. එසේම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය. මේ…
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවයි. අදානි සමාගම විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය. නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වසරක බහාලුම් මිලියන 2.7 ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බවයි. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජූලි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ඉදි කළ එහි වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3කි.
මහා ශිවරාත්‍රිය හේතුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (27වනදා) දිනයේදී උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා දැනුම්දී ඇත්තේ, එදින වෙනුවට මාර්තු මස 1වන සෙනසුරාදා පාසල් පවත්වන බවයි. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළැඹෙන පෙබරවාරි 26වනදාට යෙදී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මාලදිවයිනට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී පෙන්වා දී ඇත. මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ. මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳ ජනාධිපතිවරයාද සිය ප්‍රශංසාව ප්‍රකාශ කර ඇත.…
OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ අනුව සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇත. නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබේ.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය 10 වනදා ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබුණි. ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇත. තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම් එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව වාර්තා වෙයි.
මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් දක්වමින් මේ බව පැවසීය. සැකකරුන් අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අරුණ විදානගමගේ සහ ඔහුගේ දියණිය මෙන්ම සහ පුතුගේ අවසන් කටයුතු කුඩගල්ආර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතය.
චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ. චීන පොලීසිය විසින් ඊයේ (20) මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරි මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන විත් තිබේ. චීන මාධය වාර්තා කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිත තවත් අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිත බවය. චීනය, මියන්මාරය සහ තායිලන්තය අතර ජාත්‍යන්තර ආරක්ෂණ සහයෝගීතාවයේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද එම මාධය වාර්තා සඳහන් කර තිබේ.
ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇත. මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත.