Author: Buzzer Editorial

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු පවසා ඇත්තේ දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවයි. යුක්‍රේනයට සාමය ගෙනඑන්නේ නම් තම ධුරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය…

Read More

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ.

Read More

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි. 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි. පසුව උන්වහන්සේගේ පෙනහැළි දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි. ඒ ඊයේ දිනයේ දී දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීමත් සමගය. පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුණි. එමෙන්ම ශ්වසන අපහසුතා…

Read More

ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට සචින් තෙන්ඩුල්කාර් ප්‍රමුඛ ඉන්දීය පිල සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එහිදී ඉන්දීය පිල වෙනුවෙන් ස්ටුවර්ට් බිනී පන්දු 31කින් හයේ පහර 7ක් සමඟින් ලකුණු 68ක් සහ යූසුෆ් පතාන් පන්දු 22 කදී හයේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 223ක දැවැන්ත ඉලකයක් හඹාගිය ශ්‍රී ලංකා පිලේ පිළිතුර ඉනිම කඩුලු 9කට ලකුණු 218ක් ලෙසින් සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන්…

Read More

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) සවස් කාලයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේ තෙලඹුයාය ප්‍රදේශයේදීය. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය. ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇත. ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කර තිබුණි. ඒ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතය. එහිදී මෙම සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123ක් සොයාගෙන තිබුණි. මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් තිබී ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු…

Read More

හෙට (24) සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි තරුණයෙකු සහ චමෝද් ගිම්හාන…

Read More

සුනඛයන් සපාකෑම හේතුවෙන් පසුගිය 2024 වසරේදී පුද්ගලයන් 184,926ක් ප්‍රතිකාර ගෙන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 20) ප්‍රකාශ කළේය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරෑෆ් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. සුනඛයන් සපාකෑමෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 85-100ක් දක්වා මුදලක් වැය කරන්නට සිදු වන බවත් හෙතෙම කීවේය. ගිය වසරේ දී වැඩිපුරම සුනඛ සපාකෑම් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4035 දෙනකු සුනඛයන්ගේ සපාකෑමට ලක්ව ඇති බව ද පෙන්වා දෙයි. ඒ අතරින්…

Read More

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ (20) හෝකන්දර, ඉලුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී වුණි. මෙම ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස, අධ්‍යාපනික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන දායකත්වය පෙන්වාදෙමින් එම විද්‍යාලීය විදුහල්පතිවරයා වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය සහ විදුලි උපකරණ පරිත්‍යාගයක්ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම හා යුද්ධ හමුදා විධායක ජෙනරල්, මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ගුරු භවතුන්, දෙමාපියන් සහ…

Read More