- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editorial
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ. ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵලවලින් කියැවේ. එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු ය. සමස්තයක් වශයෙන් ගත්විට…
දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවය. ඒ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් එමගින් දක්වා ඇත. තවද සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් පළඳින ලෙසත් අධික වෙහෙසෙකර කටයුතු සීමා…
ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ප්‍රකාශ කරමින් විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඊයේ (23) අනුරාධපුර සන්නිපාත ශාලාව අභියසදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඉදිරි මාස නමයක් සඳහා මේ අයවැයෙන් බිලියන 619ක් වෙන් කළා අධ්‍යාපනයට ඉතිහිසයේ වෙන් කළ වැඩිම මුදල එයයි. අපි එම මුදල් විශේෂයෙන් යොමු කරන්නේ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩිතාලම සකස් කරන්න ඒවගේම ජනාධිපතිතුමාගේ කථාවේ සඳහන්…
සෑම මැණික් ගලක් විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සමක් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමිනි. එසේම මැණික් කර්මාන්තය සඳහා තාක්ෂණික සේවා සපයන මැණික් කාර්මික ජනපදයක් රත්නපුර ඉදිකිරීමටද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාදී නිෂ්පාදන ආර්ථිකය වඩාත් ශක්තිමක් කිරීමේ අරමුණ ඇතිව මෙම “ FACE TO FACE…
ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටින සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පසුගිය පෙබරවාරි මස 19 වන දා උදෑසන අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන වෙඩි තබා ඝාතනය කළේය. එහිදී වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලමින් මෙම ඡායාරූප නිකුත් කර තිබේ. ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි. මෙම සැකකාරිය හඳුනා…
ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුව, අපරාධකරුවන් විසින් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් සාමාජ මාධ්‍ය හරහා පණිවුඩ යැවීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මෙම පුද්ගලයා හිටපු හමුදා සාමාජිකයෙකු බවට අපරාධකරුවන් විසින් හඳුනා ගැනීමෙන් පසුව “ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද ?” යනුවෙන් ෆේස්බුක් හරහා පණිවුඩ යවා මෙම ඝාතනය සඳහා ඔහුව පොළඹවාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවය. “පසුගිය එවායේ අත්දැකීම් මත අපිට ඉතා පැහැදිලිව පෙනියනවා මෙම ක්‍රියාවට සම්බන්ධ වෙන බහුතරයක් සන්නද්ධ හමුදාවේ නැතිනම් පොලීසියේ සාමාජිකයින්. ඔවුන් අත්අඩංගුවට ගැනීමට තමයි අද උදේ ආරක්ෂක…
ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලි රංචුවක් ගැටී අනතුර සිදුවූ දිනයේ එම දුම්රිය පදවා ඇත්තේ වයෝවෘධ රියදුරෙකු බව වනජීවී සංරක්ෂණ සංසදය පවසයි. එහි ලේකම් නයනක රංවැල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ, දුම්රිය පැදවීමට එම රියදුරාට රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය හෝ නොමැති බවය. “මේ දුම්රිය පදවාගෙන ගිහින් තියෙන්නේ වයස අවුරුදු 67ක් වෙච්ච අඩුගානේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයවත් නැති දුම්රිය රියදුරෙක්. ඔහුගේ අදාළ නිර්දේශ කාලපරිච්ඡේදය පසුගිය ජනවාරි 15 වනදායින් අවසන් වෙලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනි දුම්රිය රියදුරන් 19 දෙනෙක් සිටින බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. තමන්ගේ ඉහළ නිලධාරියාගේ කට වචනයට තමයි වයෝවෘධ රියදුරා මේ දුම්රිය අරන් ගිහින් තියෙන්නේ. බිමල් රත්නායක මහතා මේ ගැන දන්නේ නෑ. එතුමාට…
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. යොහාන් පීරිස් අලුයම 02යි 20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට සදහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට ඇති බවයි අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන සහ දකුණු අමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස පැමිණ තිබුණි. මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඔස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු…
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා…