Author: Buzzer Editorial

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…

Read More

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය. මාර්තු 21 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත්…

Read More

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කූනමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සඳහා ICCය විසින් අවසර ලබාදී ඇත. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවති ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීම සැකසහිත බවට චෝදනා විය. ඒ හේතුවෙන් ඔහුට පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වූ අතර, එහි ප්‍රතිඵලය ලැබෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහු තහනම් විය. ඒ අනුව කුනමාන් පසුගියදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට පෙනී සිටියේය. එම පරීක්ෂණයෙන් ඔහුගේ වැලමිට නියමිත අංශක 15ක සීමාවේ පවතින බව සහතික කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කැපී පෙනෙන…

Read More

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කර දින 07ක් ගතවන මේ මොහොතේ එම ඝාතනය මෙහෙයවූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකුට අද (26) එල්ලවූ වෙඩි ⁣ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමුවී තිබේ. අද පෙරවරුවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ පාසල් මිතුරෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා මේ වනවිට ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහුගේ පාදකට සහ අතකට වෙඩිවැදී ඇති අතර ගම්පහ රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය. වෙඩි වැදුණු පුද්ගලයා ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධයක් නැතත් ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකුවීම හේතුවෙන්…

Read More

තාක්ෂණ ක්ෂේත්‍රයේ වේගවත් දියුණු පිළිබඳව සාක්ෂි සපයන තවත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ නිපදවන ඊජිප්තු සමාගමක් සම්බන්ධයෙනි. “ජෙට් කා(ර්)‍ ක්‍රොම්” ඊජිප්තු ජාතික ව්‍යවසාකයෙකු ට අයත් සමාගමකි. එම සමාගමේ නිපදවූ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ එහි ප්‍රධානතම නිපැයුමකි. 2019 දී ඩොලර් පනස්දහසක් තරම් මුදලකින් ආරම්භ කළ මේ මෝටර් රථ ව්‍යාපෘතියට මේ වනවිට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිව තිබේ. ඒ විදෙස් රටවල් වෙතත් මේ මෝටර් රථ අපනයනය කිරීම හේතුවෙන්ය. ජලය මත ධාවනය කළ හැකි මේ මෝටර් රථ නිෂ්පාදනයෙන් අනතුරුව ඒවා ඊජිප්තුවේ උතුරු වෙරළ තීරයේ ධාවනය කිරීමට නිපැයුම්කරුවන් පියවර ගෙන තිබුණි. ඊට ඉහළ ඉල්ලුමක්…

Read More

සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (25) මෙම ගුවන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අදාළ අනතුරින් එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකටය. ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බව එරට හමුදා ආරංචි මාර්ග පැවසීය.

Read More

ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් සහ පියානෝ වාදකවරියක් වන රොබර්ටා ෆ්ලැක් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට වයස අවුරුදු 88ක් වූ රොබර්ටා “Killing Me Softly With His” ගීතයෙන් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.ගායිකාවක මෙන්ම දක්ෂ රංගන ශිල්පිණියක වූ ඇය, චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.

Read More

ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව සඳහන්ය. අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙයි. පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි. එම පුද්ගලයා දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට…

Read More

ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිවුණි. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවය. මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු…

Read More

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවය. ප්‍රථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ග්‍රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Read More