Author: Buzzer Editorial

2025 පෙබරවාරි මාසය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම වාර්තාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. පෙබරවාරි මාසයේ සෑම දිනක් තුළම 6400 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර 10,815ක වැඩිම සංචාරක පැමිණීම වාර්තා වී ඇත්තේ පෙබරවාරි 22 වන දිනයි. මෙම කාල සීමාව තුළ දී ද අඛණ්ඩව 34,006ක වැඩිම සංචාරක පැමිණීමක් ඉන්දියාවෙන් වාර්තා වන අතර මිට අමතරව රුසියාවෙන් 29,241ක්, එක්සත් රාජධානියෙන් 24,830ක් සහ ජර්මනියෙන් 16,720ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

Read More

ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවය. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇති කර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද…

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර තිබේ. ඊට අනුව වෙනත් භාෂාවල ලේඛන සහ සේවා සපයනවා ද නැද්ද යන්න තෝරාගැනීමේ අවස්ථාව රජයේ ආයතනවලට හිමි වේ. නව නීතිය මගින් අහෝසි කෙරුණේ 2000 දී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් අත්සන් කළ ඉංග්‍රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පනවා තිබූ නියෝගයකි.

Read More

රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව 2025 පෙබරවාරි මස 20 වන දින සිට දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදාවේ දායකත්වය ඇතිව ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ භට පිරිස් 9000ක පමණ ශ්‍රමදායකත්වය මෙන්ම තාක්‍ෂණික සහය ලබාදුන් අතර, 2025 මාර්තු 02 දින වන විට දිවයින පුරා පිහිටි පාසල් 185ක පිරිසිදු කිරිමේ හා අලුත් වැඩියා කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහන මගින් පාසල් වල විනාශවී තිබු මායිම් වැටවල් අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි වල වහල පිලිසකර කිරීම,…

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ. ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

Read More

ලෝක වනජීවී දිනය අදට (03) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කළේය. මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, අධ්‍යාපනිකම වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත්, වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කිරීම මෙම දිනයෙන් බලාපොරොත්තු වේ. මිනිසා වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක වනජීවි දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත.

Read More

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී ඇත. ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බවයි. එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබේ. එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහණකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටය. එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X…

Read More

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ ඒ සඳහා රජය විවිධ උත්සාහ දරමින් සිටින බවය. මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේය. මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර තිබේ. එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇති කරන…

Read More

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතා කරනු ඇති බවය. “පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු…

Read More