- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editorial
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් Indian Ocean Rim Academic Group (IORAG) සහ United Nations Office on Drugs and Crime (UNODC) සංවිධාන සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කල යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ ප්‍රදර්ශණාත්මක පුහුණු අභ්‍යාසයක් 2025 මාර්තු මස 05 වැනි දින දික්ඔවිට වරාය පරිශ්‍රයේදි පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි. තවද, මෙම ප්‍රදර්ශණාත්මක පුහුණු අභ්‍යාසය නිරික්‍ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston Indian Ocean Rim Academic Group (IORAG), United Nations Office on Drugs and Crime (UNODC) ඇතුළු නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටිමට නම් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් විසින් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, “මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා… රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා.”
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය. “මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන්…
එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෝටර් රථයේ ලියාපදිංචි පොත හා වාහන පැවරුම් අයඳුම්පත් සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරු කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබේ. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂයේදී ඊයේ දින රාත්‍රී කාලයේදී වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේදී වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු සන්තකයේ තිබී ඉහත කාර් රථයේ ලියාපදිංචි අංකය සහිත එම කාර් රථයේ වර්ණයෙන් යුත් කාර් රථයක් හමුවීමෙන් පසු කාර් රථ දෙකම පොලිස් භාරයට ගෙන ඇත.…
රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළේ දී අද (06) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 42 හැවිරිදි කාන්තාව මෙම දුම්වැටි මෙරටට ගෙන ඒම සඳහා පැමිණි ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පවසයි. සැකකාර කාන්තාව අද අලුයම 12.00 ට ඩුබායි සිටත් සහ පිරිමි පුද්ගලයා අලුයම 04.40 ට සජා නුවර සිටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු තුල තිබී…
දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි. ස්ථාන 99ක් නම් කර ඇති මේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන ඇත්තේ ඉරානය සහ සුඩානය යන රටවල්ය. ඊට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 42කට පමණි. ජපානය සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,…
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය. අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට…
හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම ණය අත්පත් කර ගැනීමේ සමාගමක් ආරම්භ කරමින් එම කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ. ඒ අනුව එම සමාගම හරහා බැංකු සහ මුල්‍ය සාමාගම් සමඟ සාකච්ඡා කරමින් අදාළ ණය හිමියන්ගේ තොරතුරු සහ ණය මයිකල් ෂීන්ගේ සමාගම වෙත පවරා ගෙන එම ක්‍රියාවලිනය සිදු කරන බව විදෙස් මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙලෙස ආයතනයක් පිහිටුවා ක්‍රමාණුකූලව ණය ගෙවීම් සිදු කරන්නේ තමන්ට නාස්ති කිරීමට මුදල් නොමැති බැවින් බවය. එමෙන්ම ෂීන් පවසා ඇත්තේ තමා විසින් මෙලෙස…