Author: Buzzer Editorial

පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වේ. 2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් ද්විත්වයක්වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාවද එයවනු ඇත. කෙසේ නමුත් 100වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරග 3ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබේ. 2026 පාපන්දු ලෝක…

Read More

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ජනාධිපති අනුර දිසානායක මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබේ. එහි ඇය වැඩිදුරටත් දක්වා ඇත්තේ, ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා ජනාධිපවරයා සමග සාකච්ඡා කළ බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය ‘X’ ගිණුමෙන් දන්වා සිටියි.

Read More

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි. කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය. කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 1908 වසරේ නිව්යෝර්ක් නුවර පැවැති එම විරෝධතාවට 15,000කට වැඩි පිරිසක් එක්වී තිබේ. කෙසේ වෙතත් පළමුවරට කාන්තා දිනය සැමරූ බවට නිල වශයෙන් වාර්තා වන්නේ 1909 වසරේ පෙබරවාරි මස 28 වනදා ය. සමාජ ක්‍රියාකාරිනී තෙරේසා මල්කියෙල්ගේ යෝජනාවක් මත…

Read More

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම අද (07) දිනයේ දී සිදුකිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී සිටී. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම ගිවිසුම් අත්සන් තැබීම හා හුවමාරුව සිදුකිරීමට නියමිතය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය. ප්‍රශ්නය – පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ? පිළිතුර – මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන. …

Read More

දකුණු කොරියාවේ යුද අභ්‍යාසයක් අතරතුර දී ප්‍රහාරක ජෙට් යානා දෙකකින් වැරදී සිවිල් වැසියන් සිටි නගරයකට සිදුකළ බෝම්බ බිම හෙළීමක් හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු සහ හමුදා භටයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඊයේ (06) දිනයේ සිදු වූ මෙම අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවය. පිපිරීම් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි පල්ලියේ ගොඩනැගිල්ලකට සහ නිවාසවලට ද හානි සිදු වී ඇත. එමෙන්ම සුලු තුවාල සිදු වූ පුද්ගලයින්ට සිටින බව සඳහන් වේ. ඒකාබද්ධ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස අතරතුර ගුවන් නියමුවෙකු වැරදි ඛණ්ඩාංකවලට ඇතුළු වීම හේතුවෙන් ජෙට් යානා දෙකකින් කිලෝග්‍රෑම් 225ක් බරැති බෝම්බ අටක් නියමිත පරාසයෙන් පිටත…

Read More

නිකවැරටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකුට රුපියල් 20,000ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එයට ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලෙසට ඉල්ලා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව නිවේදනයක් නිකුත්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඔවුන් ඊයේ (6) ප.ව. 4ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසැලක් තුළදී හා පොලිස්…

Read More

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.

Read More

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇත. රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ නිවේදනය,

Read More

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ. කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය කිරීමට අවශනම් එක් වාහනයක් පමනක් ආනයනය කල හැකි අතර ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිලිබද කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය විය. ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය එහිදී මෙලෙස අදහස් පල…

Read More