Author: Buzzer Editorial

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ දිවයින පුරා තෝරාගත් පාසල් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට යුද්ධ හමුදාවෙන් 12,500කට අධික භඨ පිරිසක් මේ වනවිට යොදවා ඇති අතර එම භට පිරිස්හි දායකත්වයෙන් 2025 පෙබරවාරි 20 දින සිට 2025 මාර්තු මස 07 වන දින දක්වා කාලය තුළ පාසල් 380ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇත. අබලන් තත්වයට පත්ව තිබු පාසල් ගොඩනැගිලි 140කට ආසන්න ප්‍රමාණයක වහල අලුත්වැඩියා කිරීම, තීන්ත ආලේප කර, පිලිසකර කිරීම හා පාසල් තුළ විනාශ වී තිබු වැටමායිම් සකස් කිරීම භට පිරිස් විසින් සිදුකල අතර භාවිතයට නුසුදුසු තත්වයේ තිබූ ඩෙස්පුටු 3100කට ආසන්න ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමද සිදු කරන ලදි. මෙම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් වපතින අතර,…

Read More

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ”ග්‍රැමී” සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි. ජනාධිපති, විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කිරිමට මෙලෙස ලංකාවට පැමිණ තිබුණි. ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක්…

Read More

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම අද (10) අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසය.

Read More

පොදුජන පෙරමුණෙන් තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවය. සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බව ද චමල් රාජපක්ෂ මහතා පැවසීය. “වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා. ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්.”

Read More

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා සිදුකළ දැනුම්දීමක් අනුවය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. 2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව නිල සංචිත වත්කම් හි 0.5% ක සුළු වර්ධනයක් මාර්තු මාසයේ දී දැකගත හැකි වේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 ක් දක්වා 0.7% කින් 2025 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස්…

Read More

අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ , ඒ සඳහා රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීමින් ඇකි බවයි. රුපියල් 9500ක් වන කිලෝග්‍රෑම් 50 ක මිශ්‍රිත පොහොර මිටිය 4,000ක සහන මිලකට මේ මාසය අග වනවිට රට පුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ය.

Read More

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකිය. කෙසේ නමුත් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ වැඩකරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුම බවය. ජනාධිපතිවරයාගේ කාන්තා දින පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ, “1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් ”පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසු කාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය.” “පසුගිය කාලය පුරා අප රටෙහි ද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ…

Read More

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමු කරමින් අගමැතිවරිය ඒ බව පෙන්වා දෙයි. එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, “මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමටත් එකට එක්විය යුතු කාලයකි.” “ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ආර්ථික දුෂ්කරතා සහ දේශපාලනික බැහැර කිරීම්, ග්‍රාමීය ප්‍රජාවේ කාන්තාවන්ට, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට, වතුකරයේ සහ අවිධිමත් කම්කරු අංශයේ කාන්තාවන්ට වැනි වෙනස් සමාජ කණ්ඩායම්වලට අසමාන ලෙස බලපායි.” මෙම ජාත්‍යන්තර…

Read More