Author: Buzzer Editorial

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මඟින් තහනමට ලක්කර තිබෙන තම සේවාදාහකයාගේ පාර්ලිමේන්තු බැංකු…

Read More

අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි. කෙසේ වෙතත් අදානි සමාගම මෙරටට ගැලපෙන ආයෝජන ගෙන එන්නම් ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම් බව ද අමත්‍යවරයා එහි දී වැඩිදුරටත් පවසා සිටියේ ය. “අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් වෙලා නැහැ. ඒක ජනාධිපතිතුමා ඉන්දියාවට යන්න කලින් එකක්, ගියාට පස්සේ තව එකක් වගේ එකක් නැහැ. ඒක බොරු. අපේ ස්ථාවරය තියෙන්නේ අපේ ආයෝජනය විවෘතයි. අදානි සමාගමත් අපට ගැලපෙන ආයෝජන ගෙන එනවානම් ඒවා විවෘතව සාකච්ඡා කරන්න අපි…

Read More

බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විදිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කළ හැකිය. ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය (Modification) කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එහෙත්, පසුගිය කාලයේදී එවැනි…

Read More

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර පොලිස් දත්ත වලට අනුව, 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවය. මේ සම්බන්ධව මින් පෙර අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා…

Read More

ශ්‍රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව එම අවස්ථාව හිමිව ඇත. එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් 1,082 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (10) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ඊයේ දිනම ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ. එසේම තවත් 177 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.…

Read More

අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

Read More

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ. විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබේ. ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.

Read More

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරු අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි මුදල් ගෙවා නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒ සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන මෙන් අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබුණි. එම තීන්දුව නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි…

Read More

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයට 22ක්, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයට 03ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට 20, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට 1,615, මධ්‍යම පළාත් සභාවට 72, ඌව පළාත් සභාවට…

Read More