Author: Buzzer Editorial

පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ. ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට පත්විය. අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප් ගායකයාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. ඊයේ (14) රාත්‍රී 10ට පමණ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබුණි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්…

Read More

Sri Lanka’s Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath has announced that Indian Prime Minister Narendra Modi is scheduled to visit Sri Lanka in the first few days of April 2025. The Minister made this statement in Parliament today (15), and further stated that several new agreements are expected to be signed between the two countries during the visit.

Read More

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබේ. ඔහුට හිමිව ඇත්තේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයයි. ඒ අනුව, කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ඇත. නීතිඥයෙකු වන ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වේ. යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත. දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ. එමනේම…

Read More

රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (14) පස්වරුවේ බණ්ඩාරහේන කයිසර් බයිබල් දේවස්ථාන භූමිය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරුට විදේශගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබාදීම සඳහා සුදුසු බවට නිර්දේශ කරනු ලබන වාර්තාව ලබාදීම වෙනුවෙන් පළමුවෙන් රුපියල් 2,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව ඉන් රු.500 ක් අඩුකර රුපියල් 1,500 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමට කටයුතුකර…

Read More

ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතු වෙයි. මෙම ජාතික සත්ව සංගණනය ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරේයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකිරීමට නියමිතය. ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්‍රමුඛ කරගනිමින් මෙම සංගණනය…

Read More

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ගුවන් යානයක ගින්නක් හටගත්තේය. ගින්නත් සමඟ යානය, ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යැවීම සිදුවුණු අතර, එය ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමට නියමුවෝ සමත් වූහ. යානයේ මගීන් වහා පිටතට ගැනීම සිදුවන අතරතුරේ ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමට හැකිවිය. යානයේ මගීන් 212 දෙනකු සිටි අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 6 කි. ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. යානයේ ගින්නට හේතුව එහි ඇන්ජිමක් සිදුවුණු කාර්මික දෝෂයක් බව පැවැසෙයි.

Read More

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි. මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ. මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිවරයා නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. නාගරික සැලසුම් අනුමත කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන්…

Read More

පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, සංවර්ධන ,ඉදිකිරීම් හා කෘෂීකාර්මික ව්‍යාපෘතිය බව පවසමින් එම ඉඩම් නිදහස් කර ඇති බවයි. පාරිසරික වංශයෙන් සංවේදී ප්‍රදේශ පවා ඒ අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය. නීත්‍යනුකූල ක්‍රමවේදවලින් බැහැරව එම ඉඩම් නිදහස් කිරීම්වලට එරෙහිව දැඩිව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Read More

දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරීපත්විය. ඒ සඳහා වූ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කර ලදී. මෙම තෝරා පත්කර ගැනීම සිදුවුයේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීය. තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සෙල්ලතම්බි…

Read More