- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editorial
යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. අද දිනයේ ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා රුසියානු – යුක්‍රේන සාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ.
රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. අද (18) පාර්ලිමේන්තුවේදී සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීවරයා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වූ බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් නිලධාරිනියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර…
මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා පෘථිවිය බලා පැමිණීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපලය. තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමගින් ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ පෙරේදා (16) ඒ වෙත ළඟා වූ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයෙනි. පෘථිවියට පැමිණීමේ අපේක්ෂා පිළිබඳ අදහස් පළ කළ සනි පවසා තිබුණේ තමන්ට දැන් ඇවිදින ආකාරය පවා අමතකව ඇති බවය.
සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත. පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ. ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය. ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය. සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය…
මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය. අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබුණි. එම දැනුම් දීමෙන් අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගත්තේය. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාධීකරණය හමුවේ සලකා බැලුණි. එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු…
චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර තිබේ. මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි. ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර ඇත. මෙම ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ. එමෙන්ම සම්පූර්ණ බර ද සහිත ව කිලෝමීටර් 1000ක දුරක් ගමන් කිරීමේ හැකියාව ද මෙම යානය සතු වේ. TP1000 යානය ලබන වසරේ සිට නිල වශයෙන් භාවිත කිරීමට සැලසුම් කරන බව චීන වාර්තාවල දැක්වේ.
කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි. මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් “තාජු” නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදාගේ” සහෝදරයෙක් බවටද හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. ගල්කිස්ස පොලීසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසක් ඊයේ (16) පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක් දියත් කර තිබුණි. පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වැටලීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණේ කොස්තාපල්වරයෙක් ද සමඟයි. එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති…