Author: Buzzer Editorial

බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද සඳහන් ය.

Read More

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමිනි. ඊට අමතරව, අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන බවද කථානායකවරයා දැනුම් දුන්නේය. ඒ අනුව හෙට (20) සිට මැයි 08 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ වාර්තා කිරීම අත්හිටුවීම ක්‍රියාත්මක වෙනු ඇති. එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී පහසුකම් සපයා තිබුණි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (20) මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතය. නාමයෝජනා භාරගැනීම ඉකුත් 17 වනදා ආරම්භ කෙරුණි. ඒ අනුව හෙට මධ්‍යහ්න 12 සිට පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසන්…

Read More

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර අධිකරණයට භාරවී ඇති බවය. එමෙන්ම ඊයේ (18) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස පරීක්ෂාවට ලක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් ලෙස මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බවද ආනන්ද විජේපාල මහතා සඳහන් පැවසීය. එමෙන්ම ඔහුගේ ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ අවියක් සහ නවීන ජංගම දුරකථන දෙකක් ද නිවසේ තිබී නිලධාරීන්…

Read More

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

Read More

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. මෙම පෙත්සම අද කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වන දා කැඳවන…

Read More

මාස 9කට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද (19) අලුයම් කාලයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කෙරුණි. ඒ පැය 17ක දිගු ගමනකින් අනතුරුවයි. සනී සහ බුච් පැමිණි යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳි සිටි තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් ද පෘථිවියට පැමිණියේය. ස්පේස් එක්ස් යානය වේගවත් සහ සාර්ථක ගොඩබැස්වීමක් සිදුකළ පසු යානය නැවත ගොඩබිම වෙත ගෙනඒමට ස්පේස් එක්ස් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කළේය. එම අවස්ථාවේදී යානය වටා ඩොල්ෆින් රංචුවක් ද සැරිසැරීමට පටන්ගත්තේ කාගෙත් අවධානය දිනාගනිමිනි. සනී සහ බුච් රැගත් බෝයිං සමාගමේ ස්ටාර්ලයිනර්…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත්තේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවය. එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා කර තිබේ. ගාස්තු ගැටලුවක් හේතුවෙන් මන්නාරම, පුනරින් හි පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගියදා ලිඛිතව දැනුම් දීමක් කර තිබුණි. එහෙත් අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නවතා දැමීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම…

Read More