- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editorial
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය. අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය. රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි. විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවය.
පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාවත්, ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල පිළිබඳවත් අද (7) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ජාතික ජන බලවේගය මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා මෙම කරුණු කියා සිටියේය. 1976 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත්කළ යෝජනාව සම්මත වූ පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය හා ඒ වෙනුවෙන් ගෙවනු ලබන මුදල් පිළිබඳ මෙහිදී ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා කරුණු පැවසීය. ඒ අනුව මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටියි. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගෙවන කලාත්‍රයන් (බිරිද හෝ සැමියා) 182කි. ඒ අනුව මන්ත්‍රීවරු හා කලාත්‍රයන් 500කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම්…
මෙරට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනෙකු ගුවන්මගින් අද (07) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට මෙම සැකකරුවන් අවශ්‍ය සිටි බව පොලීසිය පවසයි. ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණි. මෙලෙස දිවයිනට රැගෙන ආ සැකකරුවන් සිදුකළ බවට පැවසන අපරාධ පිළිබඳ විස්තරයක්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වනවිට නිකුත්කර ඇත. රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා අවුරුදු 42ලිපිනය – පුවක්ගහ වත්ත,මාකන්ද, ඌරගස්මංහන්දිය 2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය. මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය. මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. “මම මේ යෝජනාව…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අවශ්‍ය නම් අලුතින් නඩු පැවරීමට කටයුතු කරන බවත් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් ඇය මෙහිදී සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, “අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්. ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා…
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන් බව එහි කැඳවුම්කරු රවිදු සචින්ත පැවසීය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම සති 2ක කාලය තුළ අදාළ කැබිනට් තීරණ අහෝසි කරගැනීමට ද ආණ්ඩුවට කාලය තිබෙන බවය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අතර ඊයේ (06) පැවැති සාකච්ඡාවෙන් පසු රවිදු සචින්ත මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළේය. “මේ සාකච්ඡාවේදි අපි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදියට අපේ ස්ථාවරය පැහැදිලි කළා. විශේෂයෙන් රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ලබාදීම සම්බන්ධයෙන් රජය ඒකට විරුද්ධයි කියන එක අපිට අර කලින් කිව්වා වගේ ප්‍රකාශ…
ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය. අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා, “හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය ආංශය පවසා සිටියේ, එම වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ තිබෙන බවයි. එම සමාලෝචනයේ කරුණු එළැඹෙන පෙබරවාරි අග වනවිට ජාත්‍යන්තර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. IMF…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන්ය. ඒ අනුව මෙම දුම්රියයන්හි තෙවන පන්තියේ ආසන වෙන්කරන මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙසින් පරිවර්ථනය කරනු ලබයි. කෙසේ නමුත් තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටු වූවත්, එම මැදිරි වෙනුවට දෙවන පන්තියේ ආසන වෙන්කිරීමට ඇති අවස්ථාව වැඩිකර ඇත.
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, “දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.”