- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editorial
ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබේ. මීට අමතරව, විපතටපත් වූ පිරිසට සහාය වීම සඳහා වෛද්‍ය කණ්ඩායම් සහ සෞඛ්‍ය අංශයේ සහාය ලබා දීමට සූදානම් බවද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසයි.
පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ. පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකළ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේ නමක් අද දෙරණට පැවසීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේය. “ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව අප්‍රේල් 4 වනදා සවස 6ත් රාත්‍රී 10ත් කාලය අතරතුර කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා දැමීමට සිදුවෙනවා.” “මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට…
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය. ඒ අනුව මෙම කටයුත්ත සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් පත්කර තිබේ. එම කමිටුවට අදාළ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත නිලධාරියකු හෝ විද්වතකුගේ සේවය ලබාගැනීමට අමාත්‍ය…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය. අදියර දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලබන 9වනදා සිට 13 වෙනිදා ක්‍රියාත්මක කෙරේ. අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිමට අප්‍රේල් මස 16 වනදින සිටි 20 වන දින දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව…
2027 වර්ෂයේ ප්‍රංශ ජනාධිපතිවරයණයට ඉදිරිපත්වීමට තීරණය කර සිටි ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ලර් පෙන් හට වසර 5ක දේශපාලන තහනමක් පනවා තිබේ. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇයට වසර 2කින් අත්හිටවූ වසර 4ක සිරදඬුවමක් පැරිස් අධිකරණයක් විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපා සංගමයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත වරදකරු වූ ඇයට ඊයේ දිනයේ එම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය. ඒ අනුව ඇයට වසර 5ක කාලයක් දේශපාලන කටයුතුවල නිරත වීම ද තහනම් කර තිබේ. යුරෝපා පාර්ලිමේන්තු අරමුදල්වලින් යුරෝ මිලියන 3ක මුදලක් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇය මෙලෙස වරදකරු වී ඇති බව වාර්තා වෙයි.
රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. “අපි 30,000ක් බඳවා ගන්නවා හැකියාව දක්ෂතාවය තියෙන අලුත් තරුණ පරම්පරාව. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මම දැක්කා දැන් ගොඩක් පත්තරවල දැන්වීම් යනවා. ඇප්ලිකේෂන් දාන්න අපි රස්සා දෙන්නම්. ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලන්ට ලැබිය යුතුයි හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ඉන්නවා ජන ප්‍රජාවක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක්…
කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් අවුරුදු 22, 24, සහ 25 වැනි වයස්වල පසුවන තරුණයන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ඊයේ (30) පස්වරුවේ බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මොවුන්…
පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් අත්හිටුවන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම්…
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මියන්මාර රජය දැනුම් දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බවය. කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ, ඒ වගේම අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ලබාදීමට දැන් රජය මැදිහත් වෙලා කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම මේ වෙලාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවාට පසුව, ඔවුන්ට වෛද්‍ය සහාය අවශ්‍ය කරනවා. ඒ අනුව අපි මෙවැනි අවස්ථාවලදී අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු සහිතව වෛද්‍ය හෙද…